Sunday, December 26, 2010

Hipo got a Santa Hat...!!!

Posted by Hipo at 12/26/2010 12:15:00 AM 4 comments


How wonderful it is when Christmas is around the corner. As for everyone, it is my most favourite time of the year too. As a kid I remember decorating our home Christmas tree. Although for others at home, it was just a Cyprus tree in garden. But when I looked into it, I saw a whole new meaning in that tree. Sometimes people at home thought I was nuts. Coming from a buddhist family with a buddhist background, it was a bit weired to be decorating the Cyprus tree as expressed by my parents. But we (me and my sister) always had fun decorating the tree and making our own tiny stable. 

Sometimes I wonder what Christmas is all about. It originated as a religious belief to celebrates the birth of the lord Jesus. But for many others it is a time of togetherness, celebration, happiness, giving, getting and also not to mention Santa clause. Its a time filled with love and joy. It's a time that allows you to express the depth of love for each other. Oh how I wish it was Christmas every day. World would be much better then and everyone will be happy.

My wish for everyone this time is to have a happy Christmas, and I hope Santa clause has not forgotten anyone. And be good throughout the coming year as you have been this year and may you build up the greatest memories of your life this christmas...!!



"A star with light, a smile no tear
with lots of love to those who's near
lots of gifts from someone dear
may Christmas love shine all through year..."



Merry Christmas to all....


(P.S. I finally bought the "Santa Hat" I always wanted :D

Monday, December 20, 2010

Fireflies of Hope

Posted by Hipo at 12/20/2010 11:51:00 PM 4 comments

Slowly does the sun go down
dawns the twilight zone
awaits to see the first bloomed star
to wish upon its light

Around the bushes in the dark
sparkles tiny sights
seemed the sky has fallen down
along with all the lights

Slowly I pick them one by one
and put them in a Jar
light my night my lovely ones
Glow now glow please glow....


Looking back...

Posted by Hipo at 12/20/2010 11:14:00 PM 2 comments


"People who once close to me, who left their print in heart... No matter how far life takes us apart, you'll always be in heart... You may forget the times we spent, But never will I let go...Though all this change amazes me now... Our memories please me more.."

Life is full of surprises. Sometimes it gives us joy, and other times it gives us sorrow. But the best thing about life is that it always has something different in store for you no matter where we are. We meet people through our journey in life. Some stay forever and most just comes and goes. Sometimes when you meet a new person you get the feeling that you have known the person before and then you know the person is there to stay forever. 

I used to think that life is all about survival. I still feel the same. But when I say its all about survival it does not imply that you should be selfish. We all live for survival. Throughout we make connections and bonds to make our survival strong. And these relationships decorates our lives. It makes life interesting and it gives us something to look forward to everyday. We build up memories and we cherish these forever. We get hurt on the way in life sometimes and we loose our way. But whats important is not how you got hurt, but how you make it through the pain.

Sometimes when you stop on the way turn and look back you will be amazed by what you see. How many people have followed you through your journey up to now and how many of them has lost their way with time. And you will stop to wonder, do the people who lost you on the way remember everything we shared together? Do they still remember you? Do they also think the same about you? what do you mean to them and why did you loose them on the way? Then you will think how many of the people who followed me till now will be their till the end? Are they here to stay or are they just visitors in life? 

One thing I have learned in life is that "Change is Inevitable". No matter how hard you try time changes everything. But what will follow us forever will be the memories that we built. It will be as sure as your shadow. If you turn around you will not miss your memory or your shadow. If you built up good memories you will be happy. and if you built up bad memories you will still be able to learn from them and be happy. 

So for everyone that I have lost up to now through my journey in life, I thank you. I thank you for the love, the thoughts, the smiles and tears you have shared with me and to the good times and also to bad times that we shared. It helped me to get to where I am now and it will help me to get where I want to go in future. No matter if your with me till the end or not, the memories will be cherished forever. In my mind and heart you will always be with me. Wish you well in life.

    උපුටා ගැනීම -  http://girlydalk.blogspot.com/2010/12/looking-back.html

Tuesday, November 16, 2010

ආවා... මම ආවා...

Posted by Hipo at 11/16/2010 03:46:00 PM 9 comments

කලකට පස්සේ...
බ්ලොගකට බැස්සේ...
කිසිවෙක් නැත්තේ...
මෙහිවිත් ඇත්තේ...
නැවතත් අද සිට වැඩෙට බැස්සේ...
සැමදෙන යලි මෙහි ඇවිදින් යන්නේ...

Sunday, October 10, 2010

එපා මෙහි එන්න...

Posted by Hipo at 10/10/2010 07:36:00 AM 6 comments

සිහිනෙන් මා බයකරනා
නින්දෙන් මා නැගිටුවනා
සිතුවිලි තුල තනිකරනා
'ප්‍රශ්ණය' ඔබයි මගේ සතුරා

ඔබ නැති උන් ලොව නොමැතා
ඔබ දුටු කල නැත සතුටා
ඔබ ආ කල පිලි නොගැනා
ඔබ හට ඉඩක් නැත මෙහිනා...

Thursday, October 7, 2010

අද දවස...

Posted by Hipo at 10/07/2010 02:40:00 PM 10 comments
වැසි බර අහසකි..
වැඩ නැති පුටුවකි...
නොතේරෙන පොතකි...
නිදි බර දෑසකි...

කම්මලි බවකි..
ඉන්නට නොහැකි...
යන්නට තව වෙලා ඇති...
එනතෙක් ඉන්නෙමි..

Monday, September 13, 2010

සතුට නම් කිම....

Posted by Hipo at 9/13/2010 05:02:00 PM 12 comments
සතුට නම් කිම....

ලොක්කා නැති දවස සතුටකි

උපන් දිනය සතුටකි
උසස් විම සතුටකි
අලුත් දේ ලැබීම සතුටකි

ලොක්කා නැති දවස සතුටකි

යහලුවන් සතුටකි
කෑම බීම සතුටකි
ප්‍රියයන් දැකිම සතුටකි

ලොක්කා නැති දවස සතුටකි

අද සතුටකි....
ලොක්කා නැත...
ලොක්කා නැත...
ඔහු නැත...
මෙහි නැත...

හා හා...

Saturday, August 14, 2010

ආලය ඔබයි ...

Posted by Hipo at 8/14/2010 12:39:00 AM 14 comments
හැඩයක් නොපෙනුනත් අප හැඩයක්     මවන
පැහැයක් නැතිවුනත් දුටු කල පැහැ මතු කරන
සුවඳක් නොදැනුනත් ලෝ සත මනමත් කරන
ආලය ඔබයි දහසක් සිත කළඹ               වන

ලැබුනත් අනේ වර වර දුක් ඇති    කරය
නැතිවු විටත් සිත සුවයක් නැති     කරය
     කොපමන ලැබුනත් කිසිවෙක් තුටු නොවෙය 
ආලය ප්‍රේහෙලිකාවකි විසදුම් තව නැතිය

හීසර තලෙන් වෙයි ආලයෙ මුල   පෙරුම
පලුදෙන් සැදුනු තුවාලයෙන් නිම කෙරුම
හීයක් වැදුණු විට නොවෙදෝ ලේ ගැලුම
නොතේරුනිද මහ බඹු හට මෙහි කෙරුම


Monday, August 2, 2010

තනිය ඔබ සබඳ...

Posted by Hipo at 8/02/2010 10:15:00 PM 15 comments


අඳුරු මායිමේ
පාලු නිවහනේ
නිහඩ යාමයේ
තනිය මෙහි ඇතේ

මාගේ මිතුරේ
ඔබය ඇත්තේ
මගේ නවාතැනේ
පාලු මකන්නේ

තනිය වේ ඔබ
මිතුර වේ ඔබ
ලොව මෙහි නැතත්
ඔබ සිටි ලඟ....

Wednesday, July 14, 2010

මගෙ සිත ....

Posted by Hipo at 7/14/2010 04:02:00 PM 8 comments
නැත කිසි විට අවනත මාහටද ඔබ
කොපමන වැරකරත් බොවිට අන්සතුය
මද සුලඟක් සේ සුවබර ඔබෙ පහස
වරෙක සැඩ සුලඟක් සේ හැඟෙයි මට

පොඩි දෙයකින් වුව ඔබ ගෙනදෙයි කඳුලු
එවුවත් නැත කිසි විට මා වෙයි සතුරු
ඔබවෙයි මට තනි නොතනියෙ සිටින ගුරු
මගෙ සිත ඔබයි, සමදාමත් මගෙ මිතුරු

Thursday, July 8, 2010

අතීතයේ මා සවන් පිනවු ගී 2

Posted by Hipo at 7/08/2010 09:39:00 PM 4 comments

අතීතයේ මා සවන් පිනවු ගී

Posted by Hipo at 7/08/2010 10:49:00 AM 6 comments

Wednesday, July 7, 2010

මගේ සඳ....

Posted by Hipo at 7/07/2010 08:39:00 PM 15 comments


පහනක් සේ නිති මා ලෝ එලිය කර
සතුටත් ඔබය දුක වුව සම සේ අසන
රෑ අහසෙ බබලන සඳ රැජින ඔබ
අද නැතිනම් හෙට පායන් මගේ ලොව


තරු කැට පිරිවරා සැමදා නැග එන්නේ
මේ මුලු ලොවම ඔබ සෙවනෙ සැතපෙන්නේ
සැනසුම සිසිල ඔබ නොවෙදො ගෙන එන්නේ
අමාවකේ මා තනිකර සැඟවෙන්නේ

Sunday, July 4, 2010

ප්‍රාර්ථනා....

Posted by Hipo at 7/04/2010 06:45:00 PM 10 comments


සිතෙ සුසුම් කෙදිනෙක නම් නිමවෙද
හදෙ පැතුම් කෙලෙසක නම් ඉටුවෙද
එහෙත් ගතේ සවිය කෙසෙ නැතිවෙද
පැතුම් පොදි බැඳන් හෙට දින එන්නෙද

අද නැති වුනත් හෙට යලි නව දවසක්ය
අද බැරි වුනත් හෙට අපහට හැකිවේය
අද වැටුනොත් හෙට යලි හැම නැගිටිය
අද දුක වුනත් හෙට කඳුලක් නැතිවේය

Monday, June 7, 2010

ජීවිතේ......

Posted by Hipo at 6/07/2010 02:43:00 PM 17 comments


පාන්දරින් නැගිටිනවා
තකහනියේ සැරසෙනවා
ලහි ලහියේ පිටවෙනවා
ඔපිසියට අපි එනවා...

කොම්පියුටරෙ On වෙනවා
උදේ කෑම අපි කනවා
තේ වෙලාව දැන් එනවා
තේ බීලා අපි එනවා

කරපු දෙයක්මත් නැත්තේ
නොකරපු දෙයකුත් නැත්තේ
දවල් කෑම දැන් එන්නේ
එය වලඳා අපි එන්නේ

හවස් වෙලත් දැන් ඇත්තේ
තේ වෙලාව ඇවිත් අනේ
අනෙ මන්දා කුමක් වෙන්නේ
වෙලාව ගත වී යන්නේ

ගෙදර යන්න වෙලා ඇත්තේ
කිසි ප්‍රගතියකුත් නැත්තේ
අපි හැම යන්තර වී ඇත්තේ
මෙයයි අපේ ජීවිතේ

(ආයෙ හෙටත් මේකම repeat වෙනව නේ....)

Saturday, May 22, 2010

වෙසඟේ සිරි...

Posted by Hipo at 5/22/2010 02:20:00 PM 7 comments




සියලු සතට සිරි සෙත් මල් පූදී වා
සම්බුදු තෙමගුලේ බැති සිත් ඉපදේවා
බුදු සිරිතෙන් ලක්දිව මෙත් පැතිරෙවා
මේ වෙසඟේ ඔබ සැම සුවපත් වෙවා....

පිදිමුට දහස් ගනනින් මල් පිපිදේවා
මේ මුලු ලොවට එහි සුවඳම පැතිරෙවා
පහනින් පහන් දස දහසක් දැල්වෙවා
මුලු ලොව මගේ බුදු බණයෙන් නැහැවෙවා....
Posted by Hipo at 5/22/2010 01:30:00 PM 1 comments
18/05

Wednesday, May 19, 2010

අසවු අසවු.... බිඟු රජුගෙන් පණිවුඩයක්... අසවු අසවු....

Posted by Hipo at 5/19/2010 11:26:00 AM 20 comments
මට සුභ ආරංචියක් තියෙනවා කියන්න... අපි දැන් ටික කාලෙකෙ ඉඳන් බින්ගු රාජධානියේ බිඟු රජු සහ බිසව ගැන කියුවුවානේ. ඉතින් සුභ ආරංචිය තමයි ඔන්න බිඟු රැජිණගේ පැටියා මෙලොව එලිය දැකලා. අදට හරියටම දවස් දෙකයි. ගොඩ දෙනෙක් මඟ බලන් හිටි නිසා ඔන්න මම කියුවා. රැජිණයි පැටියයි දෙදෙනාම ඉතා සුවෙන් සතුටින් ඉන්නවලු...

මගේ සුභ පැතුන් බිඟු...

Wednesday, May 5, 2010

කම්මැලිකම ...

Posted by Hipo at 5/05/2010 12:15:00 PM 34 comments



කිමෙක්ද මේ නොහැකියාව...
පියවෙනවා ඇස් නිතරම
ආවට මොකො ඔපිසියට
ඇඳ ගැනමයි සිතෙන්නෙ මට

ඉවසන්නට බැරි තරමට
කම්මැලිකම දියුණුවී ඇත
දරුනු ලෙස රිදෙයි කට
ඈනුමේ තරමටම

Wednesday, April 28, 2010

මගේ බුදුන්...

Posted by Hipo at 4/28/2010 12:56:00 PM 4 comments

දසමස පුරා මා ඔබ කුස තුල වඩලා
අපමණ දුක් ගැහැට විඳ මා බිහි කරලා
ලේ කිරි කර පොවා මා ඇති දැඩි කරලා
අම්මේ ඔබ මගේ මුලු ලොව වේය සඳා


කිසි දින තමුන් සැප ගැන කිසි නොකර තැක
දිව රෑ නොබලා නෙක අපමණ වෙහෙස කර
සත්සමුදුර තරණය කර කරන වෙර
පියතුම ඔබයි මගේ මේ ලොව එලිය කල


කවියෙන් කියා නිම කර බැරි ඔබේ අගය
දෙවියන් ඹබුන් පරදයි මගේ ලොවෙ ඔබ
දෙ අත් හිස තබා නමදිමි දිවා රැය
සැමදා බුදුවෙන්න යැයි මම පතමි ඔබ

Monday, April 26, 2010

හුදකලා කවි සිතුවිලි...

Posted by Hipo at 4/26/2010 03:24:00 AM 17 comments


මේ නිසසල රෑ යාමයේ
මා තනි විය ගනදුරු පාලුවේ
මා තනියට ඔබ නැත ඒ ඉසවුවේ
මතකය පමණි මා හැරදා නොම ගියේ


නොසිතු වදන් අප මුවඟින් පිටවුයේ
නොසිතු ලෙස දෛවය සරදම් කරේ
සියලු පැතුම් බොඳවී ගිය රාත්‍රියේ
පුරසඳ පවා සැඟවී ඇත මගේ ලොවේ


මතකයි තාම ඔබ හමුවු පළමු දින
දනුනේ ගොඩකලක් ඔබ හඳුනන ලෙසින
සිතුනෙ සසර ගනක් අප එකෙකු ලෙස
බැඳුනේ ඇයි පෙමින් වෙන් වී යන විලස


බොඳවු සිහින ඇත හද තුල කොන්වීලා
මගෙ ලොව අඳුරු විය හැම පහනක් නිවිලා
එනමුදු පතමි ඔබ පැතුදේ ඉටුවීලා
හැම පියවරක් දෙවියන් ඔබ රැක දේවා


දහස් වරක් අයදිමි මම ඔබෙන් සමා
වුව හැම වරදකට අනෙ මට වෙන්න සමා
මා ලොව ඔබ දෙවියක්ය නැත ඔබෙ කිසිත් පමා
මගේ ආයුෂත් ගෙන දිගුකල් වැජඹෙවා

Sunday, April 18, 2010

ගෙම්බා වැටුණ හැටි...

Posted by Hipo at 4/18/2010 12:18:00 PM 46 comments





මේක මම අහපු අපුරු කථාවක්. ඉතින් හිතුනා මේක ඔයාලගෙනුත් අහල බලන්න ඕනා කියලා. බලමු ඔයාලා මේක දන්නවාද කියලා.

දැන් ටික කාලෙක ඉඳන් අපෙ ගෙදරට අපූරු අමුත්තෙක් එනවා. අමුත්තෙක් කියුවට එක්කෙනෙක්මත් නෙවේයි. එකෙනාගෙන් 
පටන් අරගත්තත් දැන් එයා තවත් මිතුරො දෙන්නෙකුත් එක්කන් තමා එන්නේ. හිතන්න පුලුවන්ද මේ අපූරු අමුත්තා කවුද කියලා?

එහෙනම් ඕං කට්ටියම අහගන්නකෝ...

අපේ ගෙදර ඉන්නවා බලු රාල කෙනෙකුයි, පුස් අම්මෙකුයි, පුස් පැටියෙකුයි. ඔය අතරේ ටික දවසක් ඉඳන් තවත් කෙනෙක් රෑ තිස්සේ ඕං ගේ හරහා පැන පැන යනවා දකින්න ලැබුනා. විපරම් කොරොලා බලද්දි මේන් බොලේ ගෙම්බි හාමි කෙනෙක් ඉන්නවා. එක්කෙනක් නම් මදැයි, මදි නොකියන්න දැන් තුන්දෙනෙක්ම ඉන්නවා. ටිකදවසක් සොදිසි කරනකොට අපි දැක්කා මෙයාලා අර පුස් අම්මගෙයි, පැටියගෙයි බත් පිගානට තමා රිංගන්නෙ. ඉතින් ඔන්න හිපෝ මැණියන්ට අම්බානක් තදවෙලා මූට වැඩක් දෙන්න හිතුවා. හිතලා හැංගිලා ඉඳල පොල් කට්ටකින් මුන්ව වහලා වත්ත පල්ලෙහාට විසිකොරා. ඊට පස්සෙ හොඳ හිනාවකුත් දාගෙන ජයග්‍රාහි ලිලාවෙන් උන්නා.

ඒත් වැඩි දවසක් ගියේ නෑ ඕන් පහුවෙනිදාම මෙයා අයෙත් අපිට පස්ස වන වනා ගේ හරහා යනවා. ඔය විදියට කිහිප දිනක්ම සිද්ද වුනා. ඕං ඉතින් හිපෝ මෑණියන්ට තද වුනා. මේදා සැරේ දෙනවා බැටෙ කියලා අයෙත් මූව අල්ලලා තාප්පෙන් එහාපැත්තේ අල්ලපු වත්තට දැම්මා. හික් හික්...

කොහොම නමුත් මේ යකානම් එලවන්න බෑ. ඉතින් දැන් අපේ ගෙදර මේ හැමදෙනාම සාමදානයෙන් වෙසෙනවා.
ඉතින් ඔය කථාව හිපෝ මහප්පට කියුවම එයා මෙන්න මෙහෙම කථාවක් කියුවා. බලන්න ඔයාලා අහලා තියෙනවද කියලා.

"ගෙම්බා ගෙදරින් එලියට විසිකරාම ඌ බිමට වැටෙන්නේ ගේ පැත්තට හැරිලාලු. ඉතින් ඌ අයෙත් ගෙදරටම එනවලු."

ඒක නම් මරුම කථාව. හිඃ  හිඃ.... ඔයාලත් අහලා තියෙනවද?

Friday, April 16, 2010

පිරිසිඳු සිතුවිලි....

Posted by Hipo at 4/16/2010 07:53:00 PM 11 comments



දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
එලෙසය බුදුබණෙහිද පැවසෙන්නේ
ඒ බව නැත සමහරුන් සිතන්නේ
නිරතුරු පස්පව් වල පිහිටන්නේ


පණ නම් තණ අඟ පිනිබිඳු වැන්නේ
කිම හැමවිට අන් අය රිදවන්නේ
වැටුණොත් පිනිබිඳු විසිරී යන්නේ
ඇයි ඒ බව නිති අමතක වන්නේ


විසිනා ටික කල සතුටින් ඉන්නේ
හැකි හැමවිට කුසලක්ම කරන්නේ
පිරිසිඳු හැඟුමෙන් හැම අමතන්නේ
එවිට මියැදුනත් නොමැරි ඉන්නේ....

Thursday, April 8, 2010

හිපො ඡන්දේ දාන්න ගිය හැටි....

Posted by Hipo at 4/08/2010 11:48:00 PM 17 comments


අද පළමු වතාවට හිපෝ ඡන්දය දාන්න තනියම ගියා. මෙච්චර කල් හිපෝ මැණියන් එක්ක තමා ගියේ. ඉතින් පොඩි තැති ගැනීමකුත් නොතිබ්බම නෙවෙයි. ඒත් ඉතින් අලුත් අත්දැකීමක්නේ. එකත් හොඳයි කියලා හිතාගෙන ඕං මං කිසි පක්ෂයකට නැති පාටකුත් ඇඳන් ගියා.


ඉතින් ශාලා අංක බලලා ඔන්න කොහොම හරි ඡන්දය දාන්න ඔනා තැනට ගියා. හැමදාමත් වගේ මේ සැරෙත් ඉතින් මගේ නම වැරදියට තමා ඡන්ද පත්‍රිකාවේ ලියලා තියෙන්නේ. ඉතින් එක ලියපු කෙනාවත් හොඳට මතක් වුනා මගේ නම කියලා හයියෙන් කෑගහුවම. මොනා කරන්නද ඉතින්.


හැබයි ඉතින් කිසි කරදරයක් නැතිව ඡන්දෙ නම් දැම්මා. ඒත් මේ සැරේ පාට කරේ හැමදාමත් පාට කරන ඇඟිල්ල නෙවේයි. ඒකත් වෙන්සක්. අනික මට හරි සතුටක් ආවා මගේ ඇඟිල්ලෙ වැඩිය පාට ගාපු නැති නිසා. කොහොමත් පාට මකාගන්න අවශ්‍ය දෙවල් ගමන් මල්ලේ දාගෙන තමා ආවේ.


කොහොමෙන් හරි හිපෝට පින් අතෙ වැඩකුත් කරගන්න අවස්ථාවක් ලැබුනා. ඒ පඩි පෙලක් බැහගන්න බැරිව හිටි වයසක් ආත්තම්මා කෙනෙක්ට ඇවිදගෙන යන්න උදවු වෙන්න පුළුවන් වුනා. ඉතින් ඒ ඇත්ති මට ප්‍රශංසා  කළා වගේම පිං දුන්නා. ඔච්චරයි ඉතින්  ඡන්දේ දෙන්න ගිය එකෙන් වැදගත් දෙයකට වුනේ. හිතට සතුටුයි ඒක ගැන.

Sunday, April 4, 2010

අහෝ...

Posted by Hipo at 4/04/2010 08:55:00 PM 11 comments



විඩා බර ඇත ගතට වෙර නැත
තවත් දවසක් වෙහෙස වන්නට
දවස් ගණනක් සටන් කර පසු
මහත් සැපයක් දැනෙනු ඇත අද

සතිය ගෙවි ඇත අද මහත් සැප
සති අන්තයයි එලඹ ඇත්තෙ
තවත් සතියකට අවැසි වන ලෙස
දින දෙකක් ඇත නිදාගන්නට

එයත් දැන් ඇත නිමා වීමින්
තවත් සතියක් උදාවේ හෙට
අහෝ මෙහෙමත් අවාසනාවක්
කවුද බොල මෙය කියාදුන්නෙ....



Thursday, March 18, 2010

Allapu gedara Loku Hipo'ge Dance eka

Posted by Hipo at 3/18/2010 02:11:00 PM 10 comments

Intergalactic Hipo

Posted by Hipo at 3/18/2010 01:27:00 PM 6 comments


I would fly through the space
like Mr. Superman "The Man"...
If monkeys and dogs can do it...
Why can't I?

They say I've got a heavy body
but I float across the pool
So why cant I be... A.... Super Space Dude...

Mr. Virigin brandson invented the
Virgin Galactic ride..
The spaceships travel through the clouds
to intergalactic sights..

He gives you a special suit with a helmet for a price
Only problem in the space is
you should never... ever.. fart...

yeeeee.......
I'm a super sonic Hipo...


(I have officially gone mad)

Monday, March 15, 2010

ලෙඩ හිපෝවෙක්

Posted by Hipo at 3/15/2010 06:31:00 PM 20 comments


හිපෝවෙක් ලෙඩ වෙලා. ඔපිස් යාගන්නවත් පණ නෑ. හැබැයි ඉතින් ගෙදර හැමෝම නම් කනක් ඇහිලා ඉන්නවා. මාත් පොඩ්ඩක් විතර ජොලියේ ඇඳට වෙලා ඉන්නවා.

ඒත් අඟට අමාරු වෙනකොට නම් සංසාරේ එපා වෙනවා. මට මං ගැනම පව් කියලා හිතෙනවා. මොනා කරන්නද නේද.  කොම්පියුටරය දැම්මාහමත් හිපෝ වැඩිහිටියන්ගෙන් බැනුම් කෝටියයි. හරි හරි. ආයෙත් බැනුම් අහන්න කලින් මේක ඉවර කරනවා.

Monday, March 8, 2010

කඳුල මා ලඟ...

Posted by Hipo at 3/08/2010 09:58:00 AM 10 comments



සැන්දෑවෙලා හිරු අවරට වුනානේ
මහ වැහි වලා සඳ කළු කර ගියානේ
ඇස් තෙත් කර කඳුළැලි වඟිරුනානේ
මා තනි කර ඔබ යන්නට ගියානේ

Saturday, March 6, 2010

සයිබර් නගරයේ අපි තනිවෙලා නෑ...

Posted by Hipo at 3/06/2010 02:17:00 PM 19 comments




   මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කම්මැලිකමටයි. නමුත් ලියන්න ලියන්න හරි ආසාවක් එනවා තවත් ලියන්න. ඒ එක්කම සමහර අයගේ අදහස් දැක්කම හරි සතුටුයි. මා තනි නෑ කියලා ඒ වෙලාවට හරි සතුටක් දැනෙනවා.

   එක දෙයක් හිතේ තියාගෙන මේක ලියන්න පටන් ගත්තේ නෑ. නමුත් දුකක් වගේම සතුටක් දැනුනු වෙලාවට මං වගේම ගොඩදෙනෙක් ඒක් බ්ලොග් එකෙ සටහන් කර එයින් සතුටක් ලබන බව  මට දණුනු දෙයක්. දුක බෙදාගන්න වගෙම සතුට බෙදාගන්න මේක ලොකු පිවිසුමක්.

   නමුත් හිතට දැනෙන සමහර දේවල් මෙසේ සමාජයට පැවසීම හැමවිට ප්‍රවේසම්ද? විශේෂයෙන් ලාංකික සමාජයතුල? මෙය මගේ හිතට මාගේ සමිප මිතුරෙක් යොමු කල ප්‍රශ්ණ්යක් පමණයි. මෙහි එකතරා විදියක ඇත්තකුත් මා දකිනවා.

   මගේ බ්ලොග් එක සයිබර් අවකාශයේ සිටින බොහොදෙනෙක් කියවනවා. ඒ අතර මා හදුනන මෙන්ම නොහන්දුනන අයත් ඉන්නවා. සමහර දෙවල් කෙනෙක් විසින් වරදි විදියට භාවිතා කරන්න බැරිද?

   එය එසේ නම් විකල්පය කුමක්ද? මෙය හුදෙක් මා තුල අතිවු අදහස පමණයි. ඔබේ අදහස් ඉතා අගය කරනවා.

Thursday, March 4, 2010

Friends....

Posted by Hipo at 3/04/2010 10:47:00 PM 4 comments



As we travel across our lives
we meet so many but few stays in our lives
we saw each other we smiled and spoke
and I knew by then, your here for good

When times are rough and when its not
I always see the same warm hope
With words of love, warmth, joy and strength
I know I'm blessed with my friend's love

As rays of sun that brightens the day
My life is lightened by your sweet ways
As a prayer thats been answered by god
you came into my humble home

Life is narrow, rough and cold
you will be there to catch my falls
In every wish and prayer for you
I pray that god will bless you


Hipo...

Sunday, February 21, 2010

Twinkle...

Posted by Hipo at 2/21/2010 01:14:00 PM 7 comments








Everyday I see you ...
In the distant lovely sky
Shining bright upon me...
Lighting my darkest hours of night...

Nights when I have no one around...
When loneliness arrive
I can always trust on you...
To make the dark go by

We laugh... we talk...
We cry together...
As no one else around
You have always been my star...
My star you'll always be...

On days when stormy clouds arise
To take away your light...
I still have hope you'll come shine through...
You'll always be my friend...


Hipo.....

Saturday, February 13, 2010

Why Me????

Posted by Hipo at 2/13/2010 03:01:00 PM 8 comments

Down the memory lane to last year...



I was so excited when I bought my first mobile from my own money. Well, I've been using mobiles since 2003 to hanky panky. But they were all lovely gifts... However  as I sat on my last mob and it ended up in 2 pieces I had to look for a new one.. (They don't call me HIPO for nothing :P)


However, after searching, searching and searching, I fell in love with the Nokia 5310 music edition. Slim fit and perfect outlook for me. Well... with greatest difficulty it ended up in my hands. I was a proud owner of a latest mob which everyone loved. My very first Nokia.


I bought all accessories, nice covers, this and that and treated it as a queen. I did not even put it in my denim pocket not wanting it to get damaged. So it always ended up in my huge, fashionable, multi-pocket handbag.


My bad habit was I rarely zip my bag which I no longer practice. Reason you will soon find out...


The day arrived. As usual I was hurrying for my lectures before the door closes. As I entered the premises I wanted to relieve myself. So before I even knew I was in the washroom. As usual, I went in, kept my huge bag on the 'commode' turned a millisecond to lock the door.


That was the moment.... I heard something falling into water and the commode cover closing. Out of all the things in the bag, guess what fell into the commode.. :'(

Sunday, January 31, 2010

Sounds of Happiness....

Posted by Hipo at 1/31/2010 07:51:00 PM 6 comments

Ha ha ha haaaaaaaaaaa.... ho ho hooooooo..... he he heeeeeeeee........ hik hik hik.... hak hak hak.....

:P

Well.. I was just kidding. But does happiness really have a sound? My guess is that many people identify it by the "sounds of laughter". But if it didn't have a sound, how would others know when your happy? Does happiness really have to have a sound?

In my life I have seen people expressing joy in various ways. Yes, many express it by laughter. My mother express it a lot by a tear. My dad sometimes express it with a beer. Many express it with gifts. Bosses express it with rewards.. or even bonuses. Lovers express it with kisses... which is very romantic...

Either way it starts and ends with a common result "Happiness". So its a wonderful thing. When your happy, express it. Make a sound. It will manage to put a smile on another person. A smile put away sadness. So for that millisecond everyone around you is happy. :D

Saturday, January 30, 2010

What do we expect from superiors...

Posted by Hipo at 1/30/2010 02:20:00 PM 4 comments

It is a known fact that most people leave companies because of their employers. To be more precise, the management. A company doesn't stand alone. Its given life through its management and employees. Thus the heart of the successful company lies in the hands of the management. Hence, there is no such thing as bad companies, only bad management.

I firmly believe that, lack of communication gives rise to all problems. Managers don't appear from 'HELL'. They were all once a normal employee just like you and me. True, character arises through their personality. But all in all, they were all once a bait of another manager who has forgotten their past, knowingly or unknowingly.

What makes them 'DEVILS' is the question we all ask ourselves. There could be many reasons for it. I think its because of the expanded responsibility and the pressure forced on then by their management. But is it a fair reason to be cruel to your subordinates?

During my years of experience with many managers, I believe its not a fair call. Also, its phenomenal that some managers are still the better person they were or even better.

What employees look from their managers is respect and appreciation. The main thing is to develop their morale. Managers should ideally focus on improving and developing their team, rather than mere achievement of work tasks. But surprisingly some tend to be more interested in the content of work than the minds of the people. One of the main reasons why a manager fail is because he/she looses their focus on individuals and get lost between work and deadlines. This would put pressure on the employees leading to lower productivity and low employee morale.

Managers are under lot of stress and pressure from their own superiors. Thus, they tend to take it up on their subordinates. I see this as another reason that brings out the devil in them. But instead they should learn to control their emotions and to control the situations. It will ease the pressure on others.

Once a manager said, most of the issues subordinates have are psychological. That made me think. Isn't everything about psychology? What makes a person do something? I believe it depends on his psychology. That is why people need to be happy. If we are happy we do good things. If we are sad or unhappy we do adverse. It’s the thought which drives people to do things. So I feel its true, and that should not be taken for granted. I strongly believe this is not an bad issue of the employee. Hence, its managers duty to keep employee's mentality inline with happiness, thus in return they earn good results.

Most importantly, mangers should understand their team. The more you understand the better it gets. Continuous feedback is a must. Feedback should not be kept for last, as it gets super uglier with time. The more frequent the feedback is given the more easier and faster the team develops. It is important to know that feedback does not mean criticism. It comprises of both good and bad wrapped up with knowledge which makes it extra tasty. This is where many superiors go wrong. They tend to take feedback as simply a chance to display their intelligence. Ultimately, blame all the 'BAD' on the subordinates and take the 'GOOD' on themselves.

These are just simple tips that managers need to know while working with subordinates. After all, everything is a team effort. A team should not have just individuals. It should be a collection of them who act as an individual. "Synergy" is the success.

Thursday, January 28, 2010

The day dawns... But yet it felt as dull...

Posted by Hipo at 1/28/2010 09:37:00 PM 0 comments
Did you ever think one moment can change your whole life? Do we ever think of what we say? One word could scatter all your dreams. One moment can change your whole life. one day can take your entire lifetime.
As I woke up today my whole body felt numb... I tried to think... But for once I was out of thoughts... Didn't know how to start or how to live the day... But here I am, at the end of the day... Still feeling lost...
Spent hours looking for a sign... Stared hours at buildings for a shadow appear... Rang hundreds of time for a voice to hear... Forcing hard to hold all hopes which tried to disappears....
As the day darkens out... One figure brought my soul back to life... One word released my tightened heart... Although things ain't the same anymore... I still have a hope... I still have a dream... which I will live till I disappear...

Wednesday, January 27, 2010

මාගේ දවස ගෙවෙන සැටි...

Posted by Hipo at 1/27/2010 08:25:00 PM 1 comments
සතියේ දින පහක්ම ගතවෙන්නේ කාර්යාලයේ පුටුව මතය. එයට කිසියම් වෙනසක් එකතු කරමින් දැන් සතියක පමණ කාලයක සිට මා පුහුණුවක් සදහා යොමු කර ඇත්තේ හුදෙක් මාගේ දියුණුව සදහාමද යන්න තාමත් මට ප්‍රේහෙලිකාවකි. ඒ කෙසේ වෙතත්, සැහෙන ඒකාකාරි බවක් දැනෙන බව නම් පුදුමයක් නොවේ.
ඒ සියල්ලෙන් ගැලවීමක් ලැබෙන්නේ තේ විවේකයේදි සහ දිවා ආහාර ගැනීමේදි පමණි. අපේ වැඩ බැලීම සඳහා එකෙක් වෙනුවට දෙදෙනෙකුම යොදවා ඇත්තේ අප ගැන තිබෙන විශ්වාසයේ අති මහත් බව නිසා යැයි මාහට සිතේ.

Election

Posted by Hipo at 1/27/2010 07:56:00 PM 1 comments
It is doubtful if the election was fair and square. But so far no such problems were discussed. Thus, I guess the people have spoken out their choice. Let us all hope for a better future....

නව ආරම්භයක්...

Posted by Hipo at 1/27/2010 09:37:00 AM 0 comments
පළමු වතාවටයි මා සිංහලින් වෙබ් පිටුවක ලියන්නේ. අපහසු දෙයක් වුනත් යම් ප්‍රයත්නයක් දැරිමට සිතා පළමු පියවර ගත්තෙමි. මා හුදකලා බව ඉතා තදින් දැනෙන්නට වූයෙන් නොදන්නා බ්ලොගක් ලිවීමට සිතුවේ සිතේ තියෙන දේ කීමට වෙන කිසි කෙනෙක් නැති බැවිනි. හිපෝ නමින් මා හදුන්වා දෙන්නේ කෙනෙකු මා එසේ දකිනා බව කී නිසාවෙනි. මාගේ බලාපොරොත්තු මහත් වුනත් ඉටුකර ගැනීමේ හැකියාව සැක සහිත නිසා සිරුරෙන් එතරම් විශාල නොවුනත් හිපෝවෙක් වාගේ මටත් දැනෙයි. තවදුරටත් අදහස් ලිවීමේ බලාපොරොත්තු ඇතිව මා විවේකයක් ගනිමි.

හිපෝ

The best person I've met...

Posted by Hipo at 1/27/2010 08:45:00 AM 3 comments
Have you ever met anyone who is not fake. for me very rarely. To be precise once in my life time for almost 30 years... I met the best person ever about 2 years back. Very intelligent, down to earth and the bestest friend anyone can ever dream of.. As a dreamer .... for me this was a dream come true....
You were always there for me... Such a wonderful human.... The jokes we shared which only the two of us understood... the thoughts we shared... were unbelievable.

(Constructing)

Mess

Posted by Hipo at 1/27/2010 08:04:00 AM 0 comments
Sudden decisions change your whole life. Take time.. Think... you will be able to avoid lot of messes. Written on a day to remember...
 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare