කිමෙක්ද මේ නොහැකියාව...
පියවෙනවා ඇස් නිතරම
ආවට මොකො ඔපිසියටඇඳ ගැනමයි සිතෙන්නෙ මට
ඉවසන්නට බැරි තරමට
කම්මැලිකම දියුණුවී ඇත
දරුනු ලෙස රිදෙයි කට
ඈනුමේ තරමටම
Its all about me and my thoughts...
VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare
34 comments:
hik මෙන්න හිපෝ කෙල්ලටත් කම්මැලි කම බෝවෙලා. අනන්තයේ අනුරාධටත් ඔය ලෙඩේම හැදිලා....
හරියන්නේ නෑ...මේකට විසඳුමක් හොයන්නම ඕනෙ...කෝ මට ඔයාගේ ඔෆීසියෙ බොස් ගෙ නොම්මරය දෙන්න
අද නම් කියවන්න ලැබෙන්නෙම කම්මැලි කම ගැන පෝස්ට්ද මන්ද..හෙහෙ.
okata behethak hambunoth mathaka athiwa mata kiyanna :)
me api wage office eka deka wenakam uda penala ke gahala hu kiayala bosa inna welawata witarak puusa wage hitiyanam ohoma kammeli hetenne nehe.
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
කන්තෝරුව තමයි මගේ විනෝද උයන
ගී කියමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මගේ විනෝද උයන
අපි වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද???අම්මට,කොල්ලට,කෙල්ලට,තාත්තට....ඒත් ඒ අයට සලකන්න අපිට සල්ලි දෙන්නෙ කවුද???අපේ ජොබ් එක....ඒ නිසා අපි ජොබ් 1ටත් ආදරය කරන්ට පුරුදුවෙමු.....
වැඩිය කන්න එපා... :P
ඔය ලෙඩේට බෙහෙත දන්නේ දිල්. මොකද එයාට ඔහොම වෙන්නේ නෑනේ. ෆ්‍රී ෆෝන් එක තියෙනවනේ
නින්දක් ගිහිල්ල ඇහැරුණා විතරයි. මේක කියවල ආයෙ නිදිමත දැනෙනව...
@දිල්
හම්මෝ දිල්... මේ මොකක්ද මේ කරන්න යන්නෙ...එයාටනම් කථාකරන්න එපෝ... වසවර්ති මාරයෙක්...
@ Raven
හිඃ හිඃ... අද උදේ නැගිටිනකොටම මට තෙරුනා වැඩට අවිල්ල වැඩක් නෑ කියල... කොහෙද මේ ලොකු තැන් වලට ඕවා තෙරෙන එකක්යැ...
@ Grey
අය්යෝ... මම හිතුවා ඔයාල බෙහෙත දන්නව ඇති කියල... I'm trying really hard to act Busy... too lazy for that too.... :p
@ගීත්...
අපේ බොසා සීට් එකට තියලා අලොලා ඉන්නේ. ආසාවට නැගිතින්නෙ නැ. :(
@ Indi
හම්මො.. භයේ බෑ... මෙයාගේ කථාව ඇහුවම භයත් හිතුනා.... ඒත් නිදි මතයි නේ.. මගේ කටත් රිදෙනවා ඈනුමෙ තරමට...
@මිස්සක
ආහ් හලෝ.. අපි හිතුවා ඔයාට අපිව අමතක වෙලා කියලා... ෆ්‍රි පොන් වැඩෙ නම් මරු... කොල් දෙන්න කෙනෙක් නෑ නොවැ
අයියෝ ඕවත් වැඩද හිපෝ ඔය බොසාගේ පුටුවට ජාති දෙකෙන් මකුණෝ දෙන්නෙක් ගෙනත් දාන්න. එයාල ගේම ගෙනියයි පවුල් පිටින්. :D
@``` Outsider```
අනේ සොරි වෙන්න ඕනා... මටත් ඉවසන්න බැරිම තැන තමා ලියුවේ...
මිස්සකට හරිම අමාරුයි මගේ ෆෝන් එක ගැන. මොකද එයානෙ මගෙ බිල් එක ගෙවන්නේ ;p
@ මිස්සක, දිල්
අනේ මගේ බිලත් ගෙවලා දෙන්නකො හොඳ මල්ලිය වගේ...
නැත්තම් මොකටද ඔච්චර කෑ ගහන්නෙ කියලා අහන්නකෝ හිපෝ ..එයා මට කතා කරන්නෙත් නෑ. මම කතා කලාම නහයෙන් අඬනවා
@දිල් , මිස්සක
හික් හික්... හරිම නඩුවක් තමා වුනේ... හා එහෙනම් මිස්සක කියන්නකො බලන්න කෑ ගහන්න හේතුව... අපි නම් කවුරු හරි කොල් කලොත් හොඳට කතා කරනවා.. නැද්ද දිල්??
හෙහෙ.. මරු පෝස්ට් එක හිපෝ..
කිව්වට මොකද, මටත් මේ වෙලාවේ පොඩි නිදි මතක් තියෙන නිසා තමයි, බ්ලොග්ස් පැත්තේ රවුමක් ගහන්න ආවේ..
:D
@Ansh Lucky Sri Jay
ඒකනේ Ansh. මගේ ඈනුමේ තරම දැකලමද කොහෙද බොසා තඩි වැඩක් දුන්නා. ඒකට මොකෝ.. මට ඒත් කම්මැලි.... කාළගුනේටද කියලා....
අපොයි මේක ඒ පාර බෝ වෙන ලෙඩක් වෙලාද කොහේද. ලියන හැමෝටම මේක බෝ උනොත්නම් මලම මල හත් ඉලව් විසි තුනහ මාරයි. එහෙම උනොත් අපි කියවන්නෙ මක්කැයි.
අනේ දිල් අක්කෙ කියන තැනකට වඳින්නම්. ඉක්මනට මේකට බෙහෙතක් හොයලා දෙන්ඩො....ඕ.....ඕ.....ඕ.....
මට අමාරැයි තමයි දිල්. මොකද ඒ අපේ ජාතික ශ්‍රමය. :P
@අනුරාධ
අන්න අන්න... අනුරාධ මේ පැත්තෙ ඇවිල්ලා හොරෙන් බෙහෙත් හොයන්න. කෝ ඒත් බෙහෙත් නෑනේ. දරුණු ලේස පැතිරෙනවා විතරයි. හැබයි මට පේන විදියට කම්මැලි වුනාට බ්ලොග් නම් හැමෝම ලියනවා...
@මිස්සක
ජාතික ශ්‍රමය මිත්‍රත්වය දියුනු කරන්න කැප කෙරුවට කමක් නෑ නේද?
කමක් නෑ. ඒකට මොකද ?. විහිළුවට කියන ඒවනේ
අපො නුඹෙ හිපෝ කට
හැට රියනකින් ඈත් කොට
ඇනුමක් අරින විට
මැවේ එහි දසුන් මට
හික්....... හික්..... හික්.... :D :D :D
@මිස්සක
හිඃ හිඃ.... එල
@Pasan
අනේ පසන්
මොකද නිකන්
හිපෝ දසන්
පිනයි දසුන්
හිපො වෙත ආදරෙන්
වටකුරු මුහුන ඒ මැද්දේ අලි කටය
හුරතල් කටය හරි මැද එහි තනි දතය
බැලුමට ප්‍රියය ඈති කෙරුමට සිත් දේය
අල්ලා මිරිකන්න මගෙ සිත වදදේය
හික් හික් හික්..........
හිපො කෙනෙක් කට ඇරන් ඉන්න පින්තුරයක් නම් අරන් තියෙන්වා කාලෙකට ඉස්සර. :)
ඔයා වගේමයි :P
Got busy for last couple of days so laziness was gone...but its back again. So still looking for the remedy
කම්මැලිකමට
කට ඇරෙනවට
හනි හනිකට
පැලැස්තරයක් කටට
ගහන්න තදට
හික්ස්... :D
@Grey
හික් හික්...ලස්සන හිපොවෙක් ද? බෙහෙතක් ලැබුනොත් කියන්නම්
@සොරෝ
පැලස්තරේ ගැලවෙනවා ඈනුමේ පවර් එකට
ඔපීසියේ වැඩ කරන්න
බොස්ගෙන් ගුටි නොකා ඉන්න
කම්මැලිකම වෙන්කරන්න
හැක්ස් ටොපියක් අරන් කන්න
Post a Comment