Thursday, May 19, 2011

රැදෙයි මතකය සැමදා

Posted by Hipo at 5/19/2011 10:58:00 PM 3 comments

නොදැක්කත් කිසිදා
මිතුරෙකිය ඔබ සැමදා
මේ දිවිගමන යනතුරා
රැදෙයි මතකය සැමදා

කඳුලක්ම නෙත තබා
ඔබේ නෙතු පියවසා
ගියත් ඔබ අප හැරදා
රැදෙයි මතකය සැමදා

ඔබ නැතිවුනත් අපහා
අදින්පසු කිසිදා
සිතෙ කොන සැමදා
ඔබටවෙන් වේ ඉලන්දාරියා....

අපෙන් සමුගෙන ගියත් ඔබේ මතකය කිසිදිනක නොමැකෙයි සහෝ... සසරේ කිසි විටකත් මෙවන් අකල් මරනය නොවෙවා... ඔබට නිවන් සුව...!!!

Monday, May 16, 2011

වෙසඟේ අසිරිය....

Posted by Hipo at 5/16/2011 08:16:00 PM 8 comments





වෙසක් සඳේ නැවුම් සිසිල දසත හමන්නේ
බුදු හිමි මගේ දෙසු දම් පද පිලිරැව්දෙන්නේ
සම්බුදු තෙමගුලේ අසිරිය විහිදි     යන්නේ
දොහොත්මුදුන් දී නමදිමි තිසරණ සරණේ

~ හිපෝ ~
 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare