Friday, April 16, 2010

පිරිසිඳු සිතුවිලි....

Posted by Hipo at 4/16/2010 07:53:00 PM



දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
එලෙසය බුදුබණෙහිද පැවසෙන්නේ
ඒ බව නැත සමහරුන් සිතන්නේ
නිරතුරු පස්පව් වල පිහිටන්නේ


පණ නම් තණ අඟ පිනිබිඳු වැන්නේ
කිම හැමවිට අන් අය රිදවන්නේ
වැටුණොත් පිනිබිඳු විසිරී යන්නේ
ඇයි ඒ බව නිති අමතක වන්නේ


විසිනා ටික කල සතුටින් ඉන්නේ
හැකි හැමවිට කුසලක්ම කරන්නේ
පිරිසිඳු හැඟුමෙන් හැම අමතන්නේ
එවිට මියැදුනත් නොමැරි ඉන්නේ....

11 comments:

Anonymous said...

hmmm, hitanna ona deyak ;) hehe

රවා on April 16, 2010 at 9:33 PM said...

මට අමතක වුනා ඔයාට මෙක කියන්න. මෙතන උඩ ක්ලික් කරන්න

රවා on April 16, 2010 at 9:34 PM said...

ලස්සන දෙයක් නෙ කවි ඇතුලට දාලා දෙන්නෙ.. නියමයි..

දිල් on April 16, 2010 at 10:43 PM said...

වටිනා අදහස් ටිකක්....ස්තුතියි හිපෝ

බිඟූ on April 17, 2010 at 7:31 AM said...

ela ela.

Hipo on April 17, 2010 at 7:41 AM said...

@savithra
ඔව් ඔව්... පලවෙනි වතාවටනෙ මෙහෙට අවෙ. ඉතින් ඔන්න හිතන්න දෙය දුන්නා. හොඳට හිතලා බලන්න. සමහර විට තව අදහස් ගලාගෙන එයි. අවොත් ලියල යන්න අයෙත් එන්න.

@රවා
ස්තුතියි රවා අවුරුදු පැතුමට. ඔයාටත් එසේම වෙවා.

@රවා, දිල්
මිනිස්සු ජීවත් වෙන්නේ තමන් ගැන හිතාගෙන විතරයි. අනිත් අයට හෙන ගැහුවත් කමක් නෑ කියලා හිතන්නේ. තමන්ගෙ දවස ගෙවාගන්න අනිත් අයව බිලි දෙනවා. ස්තුතියි දිරිගැන්විමට.

Hipo on April 17, 2010 at 7:42 AM said...

@බිඟු
අහ්... බින්ගු ගොද කාලෙකින්. සුබ අලුත් අවුරුද්දක් වෙවා. ස්තුතියි ආවට.

Anonymous said...

Brilliant poem HIPO....I met very few ppl in my whole life whom i felt genuine. They are always in my heart and when any one of them looks back with frown for no reason, it really hurts... I guess many have given up life values these days.. It is COMPLICATED...

Your poem is superbly composed. Congrats...

/Creat Ghama

Hipo on April 18, 2010 at 11:30 AM said...

@Creat Ghama
Thank you for the comment. yeah world is complicated... :D

ස්වප්නා on April 20, 2010 at 8:36 AM said...

ලස්සන අදහසක් !!

Hipo on April 20, 2010 at 8:27 PM said...

ස්වප්නා ට,

ස්තුතියි ස්වප්නා. මගේ කූඩුවට ආවට ස්තුතියි. දිරි දුන්නට පිං...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare