Sunday, February 27, 2011

හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා....

Posted by Hipo at 2/27/2011 02:30:00 PM 20 comments

අනේ දෙවියනේ මට වුණු වියොවා
හෙනගෙඩියක් හිස මත්තට වැටෙයා
දඩිං බිඩිං ඩොං ගාගෙන වැටූනේයා
හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා

මදැයි කොලා වැඩක්... බැරි වැඩ නොකරන් අබරෝ කියුවලු (හරිද මන්දා කියුවා...) ඇඟ බහින්නත් එක්ක එක්සොස්යිස් කොරන්න ඕන් මාත් ගියා බැඩ්මින්ටොන් ගහන්න... කෙලින් ගිය මම නැවතුනේ හොම්බේන් නේ... හපොයි... ඇඟේ සියිස් එක අඩුවීම කොහොම වෙතත්... කකුලේ සයිස් එක දැන් ඩබොල් වෙන්න ඉදිමිලා... හයියො... දැන් නොන්ඩි සිමා හිපෝ වෙලා... පව්.. :(

Wednesday, February 23, 2011

මා කවුදැයි කියනු..?

Posted by Hipo at 2/23/2011 11:11:00 AM 5 comments
 මේක මේ හදිස්සියේ අපෙ කෙනෙක් ලියාපු පුවතක් කියවනකොට ආපු සිතුවිල්ලක්...

 කොහෙ ගියත් කොතැන ගියත් අඩුවක් නම් මගේ නැතේ
කඩේ ගියත් පංති ගියත් කාටත් වුවමණා වෙතේ
ඊයේ වගේ අදත් හෙටත් මම නම් ජිවත්ම වෙතේ
පරිසරයට අගුණ වුනත් මගෙන් උදවු බොහො ඇතේ...

ගමේ ගොඩෙ සිදාදියේ එහෙත් මෙහෙත් මා ගැවසේ
ගෙදර දොරෙත් වතුපිටියෙත් කුණු කූඩෙත් මා දිලිසේ
ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් ලෙසින් මා සැලකේ
කිසිම දෙයක් නොමැති කලේ ලැජ්ජාවත් මගෙන් වැසේ....

Friday, February 18, 2011

හොඳ හිතින් එනු මෙහාට..

Posted by Hipo at 2/18/2011 10:32:00 PM 24 comments


හත්වලාමයි.. ඔන්න ගියා... මදැයි කොලා... හපොයි...

කළුවරෙ දැම්ම මම
එලිය දෙනු ඇති සිතා
අඳුරක්ම ඉතිරි කර
කොහෙ ගියාද අනේමන්දා

මදුරුවොත් කැරකෙනවා
කණට කර කෑ ගසා
කෙසෙ ඉවසම්ද මම
කොහෙ ගියාද  විදුලියා....

චික් විතරක්... නිදාගන්න යනකොටම කෙහෙල්මල.. ගියා නොවෑ කරොන්ට් එක...

Thursday, February 17, 2011

නවම් පොහොදින අසිරිය....

Posted by Hipo at 2/17/2011 08:51:00 PM 2 comments

අද නවම් පොහෝ දිනය. හැමදාමත් වගේ අදත් නිවාඩු දවසක් වුනත් පත්තරෙ නම් කියෙවුවේ ටිකක් ප්‍රමාද වෙලා. රූපපෙට්ටිය බලනකොට නවම් පොහොදින වැඩසටහන් හෝගලා යනවා. ඉතින් මමත් හිතුවා මොකක් හරි වැඩකට ඇතිදෙයක් කලොත් හොඳයි කියලා. ඉතින් ඔන්න මම ටිකක් කියවීමට හිත යොමු කරා.

අද නවම් පොය අපිට වැදගත් වෙන්න ඇයි කියලා දන්නවද? මම කරුණු කිහිපයක් කියවලා මතකය පොඩ්ඩක් අලුත් කරගත්තා.

1. සැරියුත් මහරහතන් වහන්සේ උතුම්වු රහත් භාවයට පත්වුයේ අද වැනි පෝ දිනයක.
රජගහ නුවර උපතිස්ස සහ කොලිත ගම්මානයේ සිටි උපතිස්ස සහ කොලිත නම් තරුණය දෙදෙනා ගිහිගෙය කලකිරි තවත් අනුගමිකයන් දෙසිය පනහක් සමඟ මහණ දිවි‍යට පිවිසයහ. නවම් පොහොදිනට සතියකට පෙර මොග්ගල්ලාන මහ රහතන් වහන්සෙද, නවම් පොහො දින සැරියුත් මහරහතන් වහන්සේද රහත් භාවයට පත්වුහ.

2. අදවැනි නවම් පොහොදිනයකදි ඔවුන්දෙනම අපමහා බුදුරජානන් වහන්සේගේ මහ අඟසවු පදවියට පත්විය.

3. අප මහ බුදුරජාණන් වහන්සේ මාරයාගේ ආරාධනය පිලිගත්තේ අදවැනි නවම් පොහොදිනයකදිමය. එතන් සිට තව තෙමසක් ඉක්මවන දින වෙසක් පෝදින පිරිණිවන් පෑමට බුදුරජාණන් වහන්සේ අදිටන්කර ගත්තේ මෙවැනිම දිනයකයි.

 4.මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධනත්වයෙන ප්‍රථම ධර්ම සංගායනාව පැවත්වුයෙත් නවම් පොහො දිනකදීමයි.


මේ වගේ හේතු ගොඩාක් නිසා නවම් පෝය අපිට වැදගත් දවසක්. තවත් මම නොදන්න හේතු තියෙනවානම් ඒවාත් කියන්න අමතක කරන්නත් එපා...

කොහොම හරි ඔන්න මමත් අද වැදගත් වැඩක් පටන් ගත්තා. මම ඔන්න හාහා පුරා කියලා පන්සිය පනස් ජාතක පොත්වහන්සේ කියවන්න පටන්ගත්තා. ඉතින් මම ඉස්සරහට ඒකෙ එන කථාවස්තුන් ගැනත් ලියන්න හිතන් ඉන්නවා. ඒ බලාපොරොත්තුවත් පිට ඔන්න අදට බ්ලොග් කෙරුවාව නවත්තනවා...

බුදුසසුණ ලොව බැබලෙවා...

Wednesday, February 16, 2011

තවමත් නොපැමිණි වැලන්ටයින්....

Posted by Hipo at 2/16/2011 06:45:00 PM 2 comments
 

දිනෙන් දින ගෙවි කාලය  දිවයන්නේ
ටිකෙන් ටික ගොඩනැගුණු පැතුමන් ලතවන්නේ
අද නැත්නම් හෙට එනුයැයි සිතමින්නේ
ආලය මගේ පසු දොරෙන්ම පැනයන්නේ

තවත් ඉරක් නෙත් ඉදිරියේ බැසයන්නේ
සඳ දෙවියොත් මට ඔච්චම් කරන්නේ
වැලන්ටිනෝ ඔබ කොහිදැයි කියන්නේ
අනේ මටත් රෝස මලක් ගෙන එන්නේ

Saturday, February 12, 2011

Hope....

Posted by Hipo at 2/12/2011 10:52:00 PM 0 comments
For the air that's fresh to keep me strong
For the sun that shines to light my dawn 
For the wind that blows through my soul
And the life that awaits when I go home

You have always been my strength
at times that shine and ones not kind
this hymn I sing comes with great joy
may the love I get be with all kind

You give me strength when there's no hope
You give me love when I feel lost
You give me more than I ever ask for
Please give me will to share it all

May those in hunger get more food
and shelter, love and breath of hope
smiles of children, love of god
May all be blessed with your true love
 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare