Monday, April 26, 2010

හුදකලා කවි සිතුවිලි...

Posted by Hipo at 4/26/2010 03:24:00 AM


මේ නිසසල රෑ යාමයේ
මා තනි විය ගනදුරු පාලුවේ
මා තනියට ඔබ නැත ඒ ඉසවුවේ
මතකය පමණි මා හැරදා නොම ගියේ


නොසිතු වදන් අප මුවඟින් පිටවුයේ
නොසිතු ලෙස දෛවය සරදම් කරේ
සියලු පැතුම් බොඳවී ගිය රාත්‍රියේ
පුරසඳ පවා සැඟවී ඇත මගේ ලොවේ


මතකයි තාම ඔබ හමුවු පළමු දින
දනුනේ ගොඩකලක් ඔබ හඳුනන ලෙසින
සිතුනෙ සසර ගනක් අප එකෙකු ලෙස
බැඳුනේ ඇයි පෙමින් වෙන් වී යන විලස


බොඳවු සිහින ඇත හද තුල කොන්වීලා
මගෙ ලොව අඳුරු විය හැම පහනක් නිවිලා
එනමුදු පතමි ඔබ පැතුදේ ඉටුවීලා
හැම පියවරක් දෙවියන් ඔබ රැක දේවා


දහස් වරක් අයදිමි මම ඔබෙන් සමා
වුව හැම වරදකට අනෙ මට වෙන්න සමා
මා ලොව ඔබ දෙවියක්ය නැත ඔබෙ කිසිත් පමා
මගේ ආයුෂත් ගෙන දිගුකල් වැජඹෙවා

17 comments:

Unknown on April 26, 2010 at 4:48 AM said...

දුක්බරයි ඒත් ලස්සනයි....

ස්වප්නා on April 26, 2010 at 7:46 AM said...

හ්ම්ම්ම් ලස්සනයි

Raven on April 26, 2010 at 7:49 AM said...

ලස්සනයි පදපෙළ.

දිල් on April 26, 2010 at 8:49 AM said...

හුගාක් හිතට සංවේදී කවි ටිකක් හිපෝ

Hipo on April 26, 2010 at 10:52 AM said...

@ නිශාචරයා
ස්තුතියි සහෝ..

@ස්වප්නා ...
මොකෝ හ්ම්ම්ම්... ස්තුතියි....

Hipo on April 26, 2010 at 10:55 AM said...

@Raven
ස්තුතියි දිරිගැන්වීමට සහෝ..

@දිල්
සංවේදි වෙලාවට හොඳ කවි ලියවෙනවලු.... ස්තුතියි ඔයාටත් දිල්...

Amila Chathuranga on April 26, 2010 at 11:35 AM said...

මට කියල බ්ලොගක් නෑ...මම කොහා වාගෙ අනික් උන්ට කොමෙන්ට් දානවා.....මෙ මම Eයෙ මගෙ ලයින් 1 මුණ ගැසීමෙන් පස්සෙ ලිව්ව කවි කෑල්ලක්.....
ඉන්ඩි:-
කෙහෙරැල්ල සෙලවිල්ල,,,
සුදුමූනෙ හසරැල්ල,,,
උඩපනින දැඟලිල්ල,,,,
වඩය් මගෙ හිත ලොල්ල.....
රෙඩ්:-
එපා තව පැනි මල්ල,,,
මම තාම පොඩි කෙල්ල,,,,
ආවොතින් ඔය කොල්ල,,,
ගන්නවා ඇඳ පොල්ල.....

Pasan on April 26, 2010 at 12:22 PM said...

http://magesanda.blogspot.com/2010/04/blog-post_19.html

පුරසද නැතත් අද ලග නුඹෙ තනිකමට
රන් වන් තටු යුගල් ඇත ‍නුඹ නුදුටුවට
සලලා දිදුලනා තටු ආයෙත් පෙර ලෙසට
පියඹා යන්න ඈතින් ඇති පුරහද ලගට

බොදවී ගියත් සිහිනය කදුලින් තෙමිලා
යන්නට නොහැක ඒ සිහිනය විසිකරලා
තව තව ලං කරන් ඒ මතකට පොදි බැදලා
තව කවි තියනවද අප ඇත මග බලලා

ගීත් (සහෘදයා) on April 26, 2010 at 2:51 PM said...

ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනයි.. දුක්බරයි සංවේදියි

Hipo on April 26, 2010 at 11:58 PM said...

@indi ...
හිඃ හිඃ.... ස්තුතියි සහෝ මගේ අවකාශයේ සටහනක් දැම්මට. බලාගෙන ගුටි කන්න එහෙම යන්න එපා ඕං...

Hipo on April 26, 2010 at 11:59 PM said...

@ Pasan

රන්වන් තටු යුගල තිබුනද මාගෙ ගතේ
නැත වෙර සලා පියබා යන්නට මාසිතේ
පුන්සඳ ඈත තිබුනත් මට පෙනෙන දුරේ
කිම ඉන් පලක් මා නැත ඔබේ සිත් අඹරේ

Hipo on April 27, 2010 at 12:00 AM said...

@ගීත්
බොහොම ස්තුතියි ගීත් මල්ලී. ඇත්තටම සතුටුයි මේ ඇගයිමට...

රවා on April 27, 2010 at 12:03 AM said...

අක්කා දුක තවත් කෙනෙක් එක්ක බෙදා ගත්ත හම අඩු වෙනවා...
සතුට තවත් කෙනෙක් එක්ක බෙදා ගත්තහම වැඩි වෙනවා...

Hipo on April 27, 2010 at 12:11 AM said...

රවා ට,
ඔව් රවා මල්ලි. එහෙම නම් කියනවා තමා. ඒවා බෙදාගන්න ඉතින් ඔයාලා මාත් එක්ක ඉන්නවානේ. බොහොම ස්තුතියි.

Pasan on April 27, 2010 at 10:28 AM said...

රන් තටු සලන්නට වෙර උවමනා නැතේ
ආදර හැගුම් පුරවාපන් නුඹගෙ සිතේ
පුන්සද නැතත් එන්නට නුඹ ලගට පොරේ
ලංවුන විටදි තරුකැට පුන් සද ‍මෙන් දිලෙනු පෙනේ

Hipo on April 27, 2010 at 9:52 PM said...

ලස්සනයි පසන් මල්ලි. ඔයගේ link එකට මම ගියා. ලස්සන නිර්මාණයක්. සටහනකුත් තියලා ආවා. වෙලාව ලබුනොත් ගිහින් බලන්න.

රන් තරු පිපෙයි කළුවර බව නැති කරලා
ඒ හැම එක්ව පුරසඳ මෙන් රැස් විහිදා
දුරලාලයි පාළුව දුක මඟ හැරලා
රන්තටු සලා තරු අතරේ මම ඉන්නා....

Anonymous said...

Love is like a war....
Easy to start.....
Difficult to end......
IMPOSSIBLE to forget....

Nicely written HIPO!!!

/Creat Ghama

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare