Saturday, May 22, 2010

වෙසඟේ සිරි...

Posted by Hipo at 5/22/2010 02:20:00 PM 7 comments




සියලු සතට සිරි සෙත් මල් පූදී වා
සම්බුදු තෙමගුලේ බැති සිත් ඉපදේවා
බුදු සිරිතෙන් ලක්දිව මෙත් පැතිරෙවා
මේ වෙසඟේ ඔබ සැම සුවපත් වෙවා....

පිදිමුට දහස් ගනනින් මල් පිපිදේවා
මේ මුලු ලොවට එහි සුවඳම පැතිරෙවා
පහනින් පහන් දස දහසක් දැල්වෙවා
මුලු ලොව මගේ බුදු බණයෙන් නැහැවෙවා....
Posted by Hipo at 5/22/2010 01:30:00 PM 1 comments
18/05

Wednesday, May 19, 2010

අසවු අසවු.... බිඟු රජුගෙන් පණිවුඩයක්... අසවු අසවු....

Posted by Hipo at 5/19/2010 11:26:00 AM 20 comments
මට සුභ ආරංචියක් තියෙනවා කියන්න... අපි දැන් ටික කාලෙකෙ ඉඳන් බින්ගු රාජධානියේ බිඟු රජු සහ බිසව ගැන කියුවුවානේ. ඉතින් සුභ ආරංචිය තමයි ඔන්න බිඟු රැජිණගේ පැටියා මෙලොව එලිය දැකලා. අදට හරියටම දවස් දෙකයි. ගොඩ දෙනෙක් මඟ බලන් හිටි නිසා ඔන්න මම කියුවා. රැජිණයි පැටියයි දෙදෙනාම ඉතා සුවෙන් සතුටින් ඉන්නවලු...

මගේ සුභ පැතුන් බිඟු...

Wednesday, May 5, 2010

කම්මැලිකම ...

Posted by Hipo at 5/05/2010 12:15:00 PM 34 comments



කිමෙක්ද මේ නොහැකියාව...
පියවෙනවා ඇස් නිතරම
ආවට මොකො ඔපිසියට
ඇඳ ගැනමයි සිතෙන්නෙ මට

ඉවසන්නට බැරි තරමට
කම්මැලිකම දියුණුවී ඇත
දරුනු ලෙස රිදෙයි කට
ඈනුමේ තරමටම
 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare