Saturday, August 14, 2010

ආලය ඔබයි ...

Posted by Hipo at 8/14/2010 12:39:00 AM 14 comments
හැඩයක් නොපෙනුනත් අප හැඩයක්     මවන
පැහැයක් නැතිවුනත් දුටු කල පැහැ මතු කරන
සුවඳක් නොදැනුනත් ලෝ සත මනමත් කරන
ආලය ඔබයි දහසක් සිත කළඹ               වන

ලැබුනත් අනේ වර වර දුක් ඇති    කරය
නැතිවු විටත් සිත සුවයක් නැති     කරය
     කොපමන ලැබුනත් කිසිවෙක් තුටු නොවෙය 
ආලය ප්‍රේහෙලිකාවකි විසදුම් තව නැතිය

හීසර තලෙන් වෙයි ආලයෙ මුල   පෙරුම
පලුදෙන් සැදුනු තුවාලයෙන් නිම කෙරුම
හීයක් වැදුණු විට නොවෙදෝ ලේ ගැලුම
නොතේරුනිද මහ බඹු හට මෙහි කෙරුම


Monday, August 2, 2010

තනිය ඔබ සබඳ...

Posted by Hipo at 8/02/2010 10:15:00 PM 15 comments


අඳුරු මායිමේ
පාලු නිවහනේ
නිහඩ යාමයේ
තනිය මෙහි ඇතේ

මාගේ මිතුරේ
ඔබය ඇත්තේ
මගේ නවාතැනේ
පාලු මකන්නේ

තනිය වේ ඔබ
මිතුර වේ ඔබ
ලොව මෙහි නැතත්
ඔබ සිටි ලඟ....
 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare