Saturday, August 14, 2010

ආලය ඔබයි ...

Posted by Hipo at 8/14/2010 12:39:00 AM
හැඩයක් නොපෙනුනත් අප හැඩයක්     මවන
පැහැයක් නැතිවුනත් දුටු කල පැහැ මතු කරන
සුවඳක් නොදැනුනත් ලෝ සත මනමත් කරන
ආලය ඔබයි දහසක් සිත කළඹ               වන

ලැබුනත් අනේ වර වර දුක් ඇති    කරය
නැතිවු විටත් සිත සුවයක් නැති     කරය
     කොපමන ලැබුනත් කිසිවෙක් තුටු නොවෙය 
ආලය ප්‍රේහෙලිකාවකි විසදුම් තව නැතිය

හීසර තලෙන් වෙයි ආලයෙ මුල   පෙරුම
පලුදෙන් සැදුනු තුවාලයෙන් නිම කෙරුම
හීයක් වැදුණු විට නොවෙදෝ ලේ ගැලුම
නොතේරුනිද මහ බඹු හට මෙහි කෙරුම


14 comments:

Pasan on August 14, 2010 at 2:19 AM said...

ආලය සොදය එහි මිහිරිය විදින විට
ආලය දුකය විරහව එයි නැති කලට
සුන්දර මෙයයි පිරිපුන් පුන් ලෝ සතට
කාලා බලවු ආලය මිහිරිද අමිහිරි වෙද අපට

හී හී හී............

ආදරය ඈතුයත් බෑ නැතුවත් බෑ..

ලස්සනයි හිපෝ අක්කියො පද ටික.....

Shadow/හේමලයා on August 14, 2010 at 7:42 AM said...

එක මොහොතකට
දැනුනත්………
ජීවිත කාලයක්ම
හැඟුනත්…………
කල්පයක් කාලන්තරයක්
පෙරුම් පිරුවත්
ආදරේ ආදරේමයි........
සුන්දරයි...අසුන්දරයි....
මිහිරියි..අමිහිරියි.....
කොටින්ම කීවොත්
හැමෝටම අවශ්‍යයි....
නිර්වචන අනවශ්‍යයි....

ත‍රිඳු on August 14, 2010 at 9:58 AM said...

ආදරයෙන් සෝකය හට ගන්නේ
ආදරයෙන් මයි බය ඇති වෙන්නේ
අටලෝ දහමින් වටවූවන්නේ
ආදරයෙන් ජීවය හැඩවෙන්නේ

Jay on August 14, 2010 at 10:14 AM said...

ලස්සන අදහසක්..
:)

ස්වප්නා on August 14, 2010 at 7:36 PM said...

ආලය මිහිරි බව හෝ අමිහිරි ගතිය
සැනසුම, අසහනය දී විඳවන ගතිය
මහ බඹු දැක නොමැති සෙයකියි ප්‍රිය මිතුර
එහෙයින් නොතැවෙන්න, හී සර පිළිගන්න :)

දැන් ඉතින් කොරන්න දෙයක් නෑ...
බැඳ ගත්තා නං බෙරේ ගහන්න තමයි වෙන්නෙ ;)

ගීත් (සහෘදයා) on August 15, 2010 at 12:27 PM said...

එලිසමය ලස්සනට ගොඩනගලා..පද ගැලපුමත් ලස්සනයි...අදහසත් ලස්සනයි....සේරම ලස්සනයි මල් 7 යි ආහ්....

Hipo on August 15, 2010 at 4:13 PM said...

@pasan
ස්තුතියි මල්ලියො..

Hipo on August 15, 2010 at 4:14 PM said...

@Shadow/හේමලයා
හැමෝටම අවශ්‍යයි....
නිර්වචන අනවශ්‍යයි....
ඒකනම් ඇත්ත... ස්තුතියි සහෝ...

Hipo on August 15, 2010 at 4:21 PM said...

@ත‍රිඳු
ස්තුතියි සහෝ.. ඔබ හරි. ආලයෙන් ජීවිතය හැඩවෙනවා තමා....

Hipo on August 15, 2010 at 4:33 PM said...

@Ansh Lucky Sri Jay
ස්තුතියි Ansh හැමදාමත් වගේ මාව දිරිගන්වනවට...

Hipo on August 15, 2010 at 4:44 PM said...

@ස්වප්නා
හිඃ හිඃ... ඔව් ඔව්... බෙර ගහ ගහ තම ඉන්නේ...

Hipo on August 15, 2010 at 5:02 PM said...

@ගීත් (සහෘදයා)
බොහොම ස්තුතියි ගීත් මල්ලි... අගයකිරිමට තුති....

Anonymous said...

fantastic!!!!

U have some talent my frnd.... keep going

/Creat Ghama

Hipo on August 16, 2010 at 11:18 AM said...

Hey creat..
Thanks bro...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare