Monday, June 7, 2010

ජීවිතේ......

Posted by Hipo at 6/07/2010 02:43:00 PM


පාන්දරින් නැගිටිනවා
තකහනියේ සැරසෙනවා
ලහි ලහියේ පිටවෙනවා
ඔපිසියට අපි එනවා...

කොම්පියුටරෙ On වෙනවා
උදේ කෑම අපි කනවා
තේ වෙලාව දැන් එනවා
තේ බීලා අපි එනවා

කරපු දෙයක්මත් නැත්තේ
නොකරපු දෙයකුත් නැත්තේ
දවල් කෑම දැන් එන්නේ
එය වලඳා අපි එන්නේ

හවස් වෙලත් දැන් ඇත්තේ
තේ වෙලාව ඇවිත් අනේ
අනෙ මන්දා කුමක් වෙන්නේ
වෙලාව ගත වී යන්නේ

ගෙදර යන්න වෙලා ඇත්තේ
කිසි ප්‍රගතියකුත් නැත්තේ
අපි හැම යන්තර වී ඇත්තේ
මෙයයි අපේ ජීවිතේ

(ආයෙ හෙටත් මේකම repeat වෙනව නේ....)

17 comments:

වැප් on June 7, 2010 at 3:25 PM said...

හිකිස් ... මේ අපි ගැන ලියපු එකක් නෙමෙයිද කොහෙද ...

ඈ ඇත්තට කවුරු ගැනද මේ ලිව්වේ .... :D

දිල් on June 7, 2010 at 3:36 PM said...

මම නම් ඔය කියන අය අතරේ නෑ ඔන්න...මාව ආදාල නෑ මේවට...
හැබැයි ඉතින් අපේ මේ වැපා නම් ඉතින්...........හික්ස්

Hipo on June 7, 2010 at 3:45 PM said...

@වැපා
වැපා ඔහොම කියුවට ඔය ගොඩට අයිති මම හිතන්නේ...

Hipo on June 7, 2010 at 3:46 PM said...

@දිල්
කොහොමද දිල් ඔයාගේ වැඩ දැන්? හොඳ තැනක් හම්බවුනාද?

වැප් on June 7, 2010 at 3:48 PM said...

@දිල්

ආ ඔව් හිපෝ, දිල් ඔය ගොඩේ නැහැ ... එයා වෙන ගොඩක ...හිකිස් :D

Pasan on June 7, 2010 at 3:51 PM said...

මෙයත් සද්ද වහල ඉදල මරු ඒව තමා දාන්නෙ. අපි නන් ඔවට නෑ බොරු නන් වැපාගෙන් අහන්න ඒකා දන්නව මම කොච්චර බිසී ද කියල හික්... හික්... හික්...

සුමින්ද on June 7, 2010 at 3:54 PM said...

ඔය කියල තියෙන්නෙ බ්ලොග් ලියන අය ගැන වෙන්න ඕන. (වෙන වැඩක් නැති අය)

dinesh on June 7, 2010 at 5:21 PM said...

අනුන් හදපු කම්පියුටර් එකක,අනුන් හදපු මෘදුකාන්ගයකින්,අනුන්ගෙ වැඩක් අනුන්ට ඕනෙ විදියට කරන එකවත් හරියට නොකරණ අය ඉන්න අපේ රට කවදා දියුණුවක් ලබයිද?

Amila Chathuranga on June 7, 2010 at 6:36 PM said...

අපේ රට දියුනු වෙනකම් බලන් පල්හෑලි ලියනවට වඩා ලේසියි දියුණු උන රටකට අපි යන්න ට්‍රයි කරන එක.......

සෝරෝ on June 7, 2010 at 7:13 PM said...

හි හී.. හිපො මේ ඔයගේ ජීවිතේද හා.. :Z

Hipo on June 8, 2010 at 9:19 AM said...

හික් හික්... ඔව් ඔව්.... මේක තමා ජීවිතේ... ෆන් තමා.... ලොල්...

Hipo on June 8, 2010 at 9:21 AM said...

@සුමින්ද
අනෙ යන්න අයියෙ... බ්ලොග් ලියන්නේ වැඩ නැති නිසාම නෙවේ නේ.. මම නම් ලියන්නේ ජොලියට... හි හි...

Hipo on June 8, 2010 at 9:23 AM said...

@පසන් මල්ලි..
ඔව් ඔව්.. ඔයා busy කියලා මට පේනවා... වැපාගෙන් අහල වැඩක් නෑ... පොර බොරුත් කියනවා...

Hipo on June 8, 2010 at 9:24 AM said...

@dinech and indi
ඒක නම් ඇත්ත. ඒත් ඉතින් මේක මම ලියුවේ රටේ දියුණුව ගැන නම් නෙවෙයි...

Hipo on June 8, 2010 at 9:25 AM said...

@වැප්, දිල්
අනේ පව් දිල්. මට හරි දුකයි.

Anonymous said...

අපො ඔයා නම් මහා විෂාල කම්මලියෙක් හිපො.... :P

/
අල්ලපු ගෙදර ලොකු හිපො

Pippi Longstocking on June 22, 2010 at 4:48 PM said...

හිපො සොයුරිය,
හරිම අපූරුයි. කථාව ඇත්ත!! අපි මඡින් වෙලා..
ඔයගෙ විජත් එකට පින් සිද්ද වෙන්න ඔන්න සින්හලෙන් ලිව්වා :D

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare