Wednesday, April 28, 2010
මගේ බුදුන්...
දසමස පුරා මා ඔබ කුස තුල වඩලා
අපමණ දුක් ගැහැට විඳ මා බිහි කරලා
ලේ කිරි කර පොවා මා ඇති දැඩි කරලා
අම්මේ ඔබ මගේ මුලු ලොව වේය සඳා
කිසි දින තමුන් සැප ගැන කිසි නොකර තැක
දිව රෑ නොබලා නෙක අපමණ වෙහෙස කර
සත්සමුදුර තරණය කර කරන වෙර
පියතුම ඔබයි මගේ මේ ලොව එලිය කල
කවියෙන් කියා නිම කර බැරි ඔබේ අගය
දෙවියන් ඹබුන් පරදයි මගේ ලොවෙ ඔබ
දෙ අත් හිස තබා නමදිමි දිවා රැය
සැමදා බුදුවෙන්න යැයි මම පතමි ඔබ
Subscribe to:
Post Comments (Atom)
4 comments:
හිපෝ නම් හදන්නේ අද මාව හොඳටම අඬවන්න.....
අනේ හිපෝ...මගෙ අම්මයි අප්පච්චියි මා ලග නැතුව.......මට දැනෙන දේවල් ලියගන්න බෑ හිපෝ...ඔයා හරීම වාසනාවන්තයි...
අනේ දිල්... එහෙම හිතාන් නෙවෙයි මම මේක ලියුවේ. දැන් මටත් ඇඩෙනවා. සමාවෙන්න. ඔයාට දැනෙන දෙවල් ලියුවේ නැති වුනාට මට තේරෙනවා දිල්.
The ultimate truth in the world!!! makes any one with humanity sentimental............
Hipo, it is simply brilliant!!!
/Creat Ghama
wow.., this this so touching. As I lost my amma recently, this really made my eyes wet.
Post a Comment