Wednesday, July 14, 2010

මගෙ සිත ....

Posted by Hipo at 7/14/2010 04:02:00 PM 8 comments
නැත කිසි විට අවනත මාහටද ඔබ
කොපමන වැරකරත් බොවිට අන්සතුය
මද සුලඟක් සේ සුවබර ඔබෙ පහස
වරෙක සැඩ සුලඟක් සේ හැඟෙයි මට

පොඩි දෙයකින් වුව ඔබ ගෙනදෙයි කඳුලු
එවුවත් නැත කිසි විට මා වෙයි සතුරු
ඔබවෙයි මට තනි නොතනියෙ සිටින ගුරු
මගෙ සිත ඔබයි, සමදාමත් මගෙ මිතුරු

Thursday, July 8, 2010

අතීතයේ මා සවන් පිනවු ගී 2

Posted by Hipo at 7/08/2010 09:39:00 PM 4 comments

අතීතයේ මා සවන් පිනවු ගී

Posted by Hipo at 7/08/2010 10:49:00 AM 6 comments

Wednesday, July 7, 2010

මගේ සඳ....

Posted by Hipo at 7/07/2010 08:39:00 PM 15 comments


පහනක් සේ නිති මා ලෝ එලිය කර
සතුටත් ඔබය දුක වුව සම සේ අසන
රෑ අහසෙ බබලන සඳ රැජින ඔබ
අද නැතිනම් හෙට පායන් මගේ ලොව


තරු කැට පිරිවරා සැමදා නැග එන්නේ
මේ මුලු ලොවම ඔබ සෙවනෙ සැතපෙන්නේ
සැනසුම සිසිල ඔබ නොවෙදො ගෙන එන්නේ
අමාවකේ මා තනිකර සැඟවෙන්නේ

Sunday, July 4, 2010

ප්‍රාර්ථනා....

Posted by Hipo at 7/04/2010 06:45:00 PM 10 comments


සිතෙ සුසුම් කෙදිනෙක නම් නිමවෙද
හදෙ පැතුම් කෙලෙසක නම් ඉටුවෙද
එහෙත් ගතේ සවිය කෙසෙ නැතිවෙද
පැතුම් පොදි බැඳන් හෙට දින එන්නෙද

අද නැති වුනත් හෙට යලි නව දවසක්ය
අද බැරි වුනත් හෙට අපහට හැකිවේය
අද වැටුනොත් හෙට යලි හැම නැගිටිය
අද දුක වුනත් හෙට කඳුලක් නැතිවේය
 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare