Monday, September 13, 2010

සතුට නම් කිම....

Posted by Hipo at 9/13/2010 05:02:00 PM
සතුට නම් කිම....

ලොක්කා නැති දවස සතුටකි

උපන් දිනය සතුටකි
උසස් විම සතුටකි
අලුත් දේ ලැබීම සතුටකි

ලොක්කා නැති දවස සතුටකි

යහලුවන් සතුටකි
කෑම බීම සතුටකි
ප්‍රියයන් දැකිම සතුටකි

ලොක්කා නැති දවස සතුටකි

අද සතුටකි....
ලොක්කා නැත...
ලොක්කා නැත...
ඔහු නැත...
මෙහි නැත...

හා හා...

12 comments:

ගීත් (සහෘදයා) on September 13, 2010 at 5:25 PM said...

දුක්ක දෝමනස්සයන්ගෙන් පිරි මේ වැලි කතරේ මට ඇති එකම සතුට ලොක්කා නොයෙන දවස. ඔයාට කියන්ට ඒත් මේ පලා පලා පොලගා නෙඑන දවසක් නැහැ නේ. ගෙදරින් එලවනවද මන්ද.

Hipo on September 13, 2010 at 5:49 PM said...

@ගීත් (සහෘදයා)
හිං හිං... අනේ මන්ද...මටත් ඔය ගොඩ කාලෙකට පස්සෙ සෙට් වුනු නැකතක් තමා.... උපරිම ප්‍රයොජනය ගත්තා....

Buddhi on September 13, 2010 at 7:56 PM said...

මෙන්න හිපෝ ඈවිල්ලා,
එක දවසක් මම එද්දි මේක වහලා කියලා බ්ලොගර් මාමා කිව්වනේ. මම හිතුවා හිපෝ නැන්දා යන්ට ගිහිං කියලා.

හැබැයි හිපෝ නැන්දා නං අපේ ගෙවල් පැත්තේ ඈවිල්ලා තියෙනවා නේද! ඔය වම්පැත්තෙ පටියේ තියෙන්නෙ...

ලොක්කා නැති එක කාටත් කොච්චර සතුටුද නේද? හැබැයි අපේ සංඛභානුවනං එච්චර වස නෑ.

මීට කාලෙකට පෙර අදුරගත්තු චූටිමහත්යා

September 13, 2010 7:24 AM

ස්වප්නා on September 13, 2010 at 8:25 PM said...

අය්යෝ .. කරුමෙ තරම .. මගේ ලොක්කි හිටියනෙ, ලොක්කො දෙන්නම නැති වෙලාවෙත්

Hipo on September 14, 2010 at 10:56 AM said...

@මීට කාලෙකට පෙර අදුරගත්තු චූටිමහත්යා

කොහොමද බුද්ධි පුතේ... හිඃ හිඃ... බලන්න බ්ලොගර් මාමා කියන බොරු.... හොඳ නෑ එයා.... ඔව් ඔව්.. මම ඔයාගෙ ගෙවල් පැත්තේ ආව... ඔයා නම් ගෙදර හිටියේ නෑ... ස්තුතියි මේ පැත්තේ ආවට

Hipo on September 14, 2010 at 11:13 AM said...

@ස්වප්නා
දුක තමා රංජනී....

sansarasidu on September 15, 2010 at 1:26 AM said...

හප්පා...

"සතුට නම් කිම....

ලොක්කා නැති දවස සතුටකි"

ආයෙත් අහල..
ඇත්තටම ලොක්කො හැමදාම වැඩට එන්නැත්තං කොච්චර හොඳද ?

Hipo on September 15, 2010 at 9:48 AM said...

@sansarasidu
ඒකනේ මල්ලො.... කවුද දන්නේ නෑ මේ 'ලොක්කා' කියන සංකල්පය හොයාගත්තේ...:(

Anonymous said...

නියමයි!!!

හුගක් ලොක්කො මහා ගදයෝ තමයි.......

/Creat Ghama

Jay on September 16, 2010 at 5:01 PM said...

හිපෝ කාලෙකින්..
:)
නියමයි

Hipo on September 17, 2010 at 1:50 PM said...

@Creat Ghama
ඔව් ඔව්... ස්තුතියි මේ පැත්තට ආවට...

Hipo on September 19, 2010 at 10:37 AM said...

@Ansh Lucky Sri Jay
ඔව් Ansh .. මේ දවස් වල හරියට වැඩ. ස්තුතියි සහෝ මේ පැත්තට ගොඩ වැදුනට....

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare