Wednesday, June 15, 2011

If I die today

Posted by Hipo at 6/15/2011 08:49:00 PM 5 comments


If sun rise tomorrow without me
and I am no longer there
please know that I'm safe and free
in the hands of god

Don't cry for me, don't gloom for me
don't ever be sad for me
Smile if you can, be happy for me
God has sent me free

if you ever feel lonely
and sorrow fill your heart
think of me and I'll be there
I'm always in your heart

Thursday, May 19, 2011

රැදෙයි මතකය සැමදා

Posted by Hipo at 5/19/2011 10:58:00 PM 3 comments

නොදැක්කත් කිසිදා
මිතුරෙකිය ඔබ සැමදා
මේ දිවිගමන යනතුරා
රැදෙයි මතකය සැමදා

කඳුලක්ම නෙත තබා
ඔබේ නෙතු පියවසා
ගියත් ඔබ අප හැරදා
රැදෙයි මතකය සැමදා

ඔබ නැතිවුනත් අපහා
අදින්පසු කිසිදා
සිතෙ කොන සැමදා
ඔබටවෙන් වේ ඉලන්දාරියා....

අපෙන් සමුගෙන ගියත් ඔබේ මතකය කිසිදිනක නොමැකෙයි සහෝ... සසරේ කිසි විටකත් මෙවන් අකල් මරනය නොවෙවා... ඔබට නිවන් සුව...!!!

Monday, May 16, 2011

වෙසඟේ අසිරිය....

Posted by Hipo at 5/16/2011 08:16:00 PM 8 comments





වෙසක් සඳේ නැවුම් සිසිල දසත හමන්නේ
බුදු හිමි මගේ දෙසු දම් පද පිලිරැව්දෙන්නේ
සම්බුදු තෙමගුලේ අසිරිය විහිදි     යන්නේ
දොහොත්මුදුන් දී නමදිමි තිසරණ සරණේ

~ හිපෝ ~

Friday, April 29, 2011

මා දුටු විකාර රුප...

Posted by Hipo at 4/29/2011 09:00:00 AM 9 comments

හිපො කියුවම අමුතුවෙන් කියන්න ඕනී නෑ නෙව. වර්ගයේ හැමොම වගේ මාත් අම්බානක් කම්මැලි. නිදියන්නමයි හිත යන්නේ. ඒකට තවත් හෙතුව තියෙනවා. මගේ නිර්මානාත්මක හැකියාව මල් පල ගැන්වෙන්නේ නිදාගෙන ඉන්න වෙලාවටම විතරයි. අනිත් එක ලස්සනට ඉන්න, මගේ බියුටි නැප් එක ගන්නත් එපැයි. ඉතින් හිතාගන්න පුලුවන්නේ ඇයි නිදාගන්න කැමැති කියලා. ඔන්න ඉතින් මේකත් ඔය නිර්මාණාත්මක හැකියාව ඉස්මතු වු අවස්ථාවක්. ටිකක් මෑතකදි වුනු සිදුවීමක්.

ඔපිසියේ බොසා කියුවම පොඩි කාලෙ ඉඳන් මගේ හිතෙ හිටියෙ ඉතා භායානක රූපය තියෙන රුළු ( කලු ) තඩි උස මහත කැත ඩයල් එකක් තමා. ඉතින් මගේ ඒ රූපයට හරියක් දමමින් මටත් ඒකටම ගැලපෙන නල්ල මලේ බොසෙක් මට සෙට් වුනා ආඩම්බරේ බැරුවා. ඉස්සල්ලාම කියන්න ඕනා අපේ බොසායි මායි නම් හැමදාම නොරොක්කු පිට තමා ඉන්නේ. ඉතින් මම හිනෙනුත් මෙයාට භය වෙනවා... මේකත් ඒ වගෙ සිදුවිමක්. අජ් තව එකක්...අපේ (අපේ කියුවේ මගේ) බොසාගේ කැපී'ම පෙනෙන අංගය ඇහුවොත් ඕනම (ගැහැණු) ලමයෙක් කියයි දිලිසෙන තඩි නහය කියලා.

ඉතින් ඔන්න මම තද නින්දෙ ඉන්න වෙලාවක දැක්කා, අමුතු ආකාරයේ පොඩි පැලයක් අපේ වත්තේ තාප්පේ කොනේ පැලවෙන්වා. මුලින්ම පොඩ්ඩක් කොල පාටට හුරු පොඩි ගැටයක් වගේ පෙනුන කවුරුත් නොහඳුනන මේ ශාක විශෙෂය හඳුනා ගැනිමට මටනම් ගියේ අල්පමාත්‍ර කාලයක් පමණයි. (මොකද ඉතින් මම දවස ගානේ දකින දෙයක් නොවැ) ඔන්න ඉතින් මම අඳුරගත්තා. අනේ අපේ වත්තේ පැලවෙලා තියෙන්නේ අපේ බොසාගේ නහය නොවැ. හපොයි. මම භය වුනු භයවිල්ලක්. ඇයි හත්වලාමේ උදේ ඉඳන් දවල් වෙනකන් බලන් ඉඳලා, රෑටත් බලගේන් හිටපියකො මේ නහය දිහා). කොහොමේන් කොහොම හරි බලන් ඉඳද්දි තඩි වෙන මේ "නහය" නැමැති ගසට, මමත් තාත්තාත් එකතුවෙලා තඩි පොරොවකින් කොටන්න ගත්තා  . ම්හ්ම්.. ඒක නෙවෙයි හෙල වෙන්නේවත්. මේක අර ජැකාගේ බෝංචි පැලේ වගේ තාප්පෙත් කඩාගෙන අහස තරම් උසට ලොකු වුනා. මට ලාවට කලන්තේ ගතියකුත් ආවා. එතකොටම මට උඩ ගිහින් ඇහරුනා. දාඩිය දාල මම භයවුනු පාර කොට්ටෙත් තෙත් වෙන්න. හික් හික්..
ඔන්න ඕකයි කතාව. දැන් නම් මට බොසා දැක්කම තනියම හිනා. අපේ ඔපිස් එකේ කට්ටියත් අම්බානක් හිනාවුනා. මට පිත්තු කියලත් කියුවා. (මම විතරයි නේ දන්නේ භය වුනු තරම).

ඕක අහලා අපෙ අම්මා නම් කියුවා මට තියෙන්නේ හරිම විකාර මනසක් ලු. පුදුම පිස්සෙක් කියුවා. හික් හික්. ඔයාලත් මේ වගේ හීන දකිනවයෑ?

Wednesday, April 13, 2011

මේ අවුරුදු කාලේ.. සිනහා වියන් රාලේ....

Posted by Hipo at 4/13/2011 09:15:00 PM 19 comments



බ්ලොග් එක ලියන්න ඔනිකමක් තිබුනට කිසි දෙයක් ඔලුවට ආවෙ නෑ ගොඩකාලෙකින්. රස්සවෙත් ගොඩාක් වැඩ තිබ්බ නිසා වෙන්නත් ඇති ගෙදර ආවම මහන්සි වැඩි නිසා නින්ද යනවා. හැබයි ඉතින් නිදාගන්න කලින් පොඩ්ඩක් බස් පදින්න නම් අමතක කරන්නේ නෑ. ඉතින් මේ අවුරුද්දේ ඕක තමා අලුත්ම දේ...

කොහොම හරි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මට තියෙන විශෙෂම දෙය තමා කකුල් දෙකෙන් හිටපු මම මේ සැරේ කිරිබත් කන්නේ තනි කකුලෙන්. මොනා කොරන්නද ඉතින්.. නරක කාලෙට ඔහොම තමා. ඒක නිසා ගෙදර වැඩ වලටත් ඉතාම අඩුවෙන් උදවු වුනේ. හැබැයි අදනම් කේක් ගෙඩියක් හැදුවා. මට හරි සතුටුයි ඒකට. රස කෙසේ වෙතත් පෙනුමනම් හොඳයි වගේ. 

වෙන අවුරුදු වල වගේ ශොපිං ගියෙත් නෑ මේ සැරේ. මේ කකුල නිසා එකවත් කොරන්න බැරිවුනා. දුකේ බැරුවා. හැබයි වියදම් පාර්ශවය ටිකක් අඩුවුනා.  

හෙට නැකැතට වැඩ කරන්නත් එපැයි. ලිත කියවන්න ඔනේ රෑ වෙලා. පරන අවුරුද්දට නාල කරලත් ඉවරයි. අයේ ඉතින් 15 වෙනකන් ගඳගහන්න එපැයි. 

කොහොම වුනත් හෙටින් උදාවෙන නව වසරේ මගේ බලපොරොත්තුවනම් මේ අවුරුද්දේ ඉටු කරගන්න බැරි වුනු හැම දෙයක්ම කොහොමහරි ඉශ්ට රගන්නත්, වැරදි පුලුවන් තරම් අඩු කරගෙන සතුටින් ඉන්නත් තමා. ඔන්න හිපො ඔයාලටත් ලංකාවේ හැමොටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. මේක කොහොම හරි 9 කලිං දා ගත්තොත් තවත් පොරොඳුවක් ඉශ්ට වෙනවා.  (පොරොන්දුවක් කියුවට පොරොන්දුවකුත් නොවෙයි ඉතින්.. මොකක්ද මන්දා ඒක.. හික් හික්)

එහෙනම් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සතුටින් පිරුන එකක්ම වෙවා... මම කියුවෙ අවුරුද්ද ගැන... හික් හික්

Tuesday, March 29, 2011

තවත් හුදකලා කවි සිතුවිලික්....

Posted by Hipo at 3/29/2011 09:05:00 AM 2 comments

එලියකි දොරකොඩේ... තිරකඩින් වැසෙන්නේ...
කඳුලකි නෙත අඟේ.... ගිලිහෙමින් වැටෙන්නේ...
සතුටකි සිත කොනේ.. නමුත්... දුකකින් පෙලෙන්නේ...
තනි තරුව ආකාසේ ... තනිකමින් දිලෙන්නේ...

Sunday, February 27, 2011

හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා....

Posted by Hipo at 2/27/2011 02:30:00 PM 20 comments

අනේ දෙවියනේ මට වුණු වියොවා
හෙනගෙඩියක් හිස මත්තට වැටෙයා
දඩිං බිඩිං ඩොං ගාගෙන වැටූනේයා
හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා

මදැයි කොලා වැඩක්... බැරි වැඩ නොකරන් අබරෝ කියුවලු (හරිද මන්දා කියුවා...) ඇඟ බහින්නත් එක්ක එක්සොස්යිස් කොරන්න ඕන් මාත් ගියා බැඩ්මින්ටොන් ගහන්න... කෙලින් ගිය මම නැවතුනේ හොම්බේන් නේ... හපොයි... ඇඟේ සියිස් එක අඩුවීම කොහොම වෙතත්... කකුලේ සයිස් එක දැන් ඩබොල් වෙන්න ඉදිමිලා... හයියො... දැන් නොන්ඩි සිමා හිපෝ වෙලා... පව්.. :(

Wednesday, February 23, 2011

මා කවුදැයි කියනු..?

Posted by Hipo at 2/23/2011 11:11:00 AM 5 comments
 මේක මේ හදිස්සියේ අපෙ කෙනෙක් ලියාපු පුවතක් කියවනකොට ආපු සිතුවිල්ලක්...

 කොහෙ ගියත් කොතැන ගියත් අඩුවක් නම් මගේ නැතේ
කඩේ ගියත් පංති ගියත් කාටත් වුවමණා වෙතේ
ඊයේ වගේ අදත් හෙටත් මම නම් ජිවත්ම වෙතේ
පරිසරයට අගුණ වුනත් මගෙන් උදවු බොහො ඇතේ...

ගමේ ගොඩෙ සිදාදියේ එහෙත් මෙහෙත් මා ගැවසේ
ගෙදර දොරෙත් වතුපිටියෙත් කුණු කූඩෙත් මා දිලිසේ
ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් ලෙසින් මා සැලකේ
කිසිම දෙයක් නොමැති කලේ ලැජ්ජාවත් මගෙන් වැසේ....

Friday, February 18, 2011

හොඳ හිතින් එනු මෙහාට..

Posted by Hipo at 2/18/2011 10:32:00 PM 24 comments


හත්වලාමයි.. ඔන්න ගියා... මදැයි කොලා... හපොයි...

කළුවරෙ දැම්ම මම
එලිය දෙනු ඇති සිතා
අඳුරක්ම ඉතිරි කර
කොහෙ ගියාද අනේමන්දා

මදුරුවොත් කැරකෙනවා
කණට කර කෑ ගසා
කෙසෙ ඉවසම්ද මම
කොහෙ ගියාද  විදුලියා....

චික් විතරක්... නිදාගන්න යනකොටම කෙහෙල්මල.. ගියා නොවෑ කරොන්ට් එක...

Thursday, February 17, 2011

නවම් පොහොදින අසිරිය....

Posted by Hipo at 2/17/2011 08:51:00 PM 2 comments

අද නවම් පොහෝ දිනය. හැමදාමත් වගේ අදත් නිවාඩු දවසක් වුනත් පත්තරෙ නම් කියෙවුවේ ටිකක් ප්‍රමාද වෙලා. රූපපෙට්ටිය බලනකොට නවම් පොහොදින වැඩසටහන් හෝගලා යනවා. ඉතින් මමත් හිතුවා මොකක් හරි වැඩකට ඇතිදෙයක් කලොත් හොඳයි කියලා. ඉතින් ඔන්න මම ටිකක් කියවීමට හිත යොමු කරා.

අද නවම් පොය අපිට වැදගත් වෙන්න ඇයි කියලා දන්නවද? මම කරුණු කිහිපයක් කියවලා මතකය පොඩ්ඩක් අලුත් කරගත්තා.

1. සැරියුත් මහරහතන් වහන්සේ උතුම්වු රහත් භාවයට පත්වුයේ අද වැනි පෝ දිනයක.
රජගහ නුවර උපතිස්ස සහ කොලිත ගම්මානයේ සිටි උපතිස්ස සහ කොලිත නම් තරුණය දෙදෙනා ගිහිගෙය කලකිරි තවත් අනුගමිකයන් දෙසිය පනහක් සමඟ මහණ දිවි‍යට පිවිසයහ. නවම් පොහොදිනට සතියකට පෙර මොග්ගල්ලාන මහ රහතන් වහන්සෙද, නවම් පොහො දින සැරියුත් මහරහතන් වහන්සේද රහත් භාවයට පත්වුහ.

2. අදවැනි නවම් පොහොදිනයකදි ඔවුන්දෙනම අපමහා බුදුරජානන් වහන්සේගේ මහ අඟසවු පදවියට පත්විය.

3. අප මහ බුදුරජාණන් වහන්සේ මාරයාගේ ආරාධනය පිලිගත්තේ අදවැනි නවම් පොහොදිනයකදිමය. එතන් සිට තව තෙමසක් ඉක්මවන දින වෙසක් පෝදින පිරිණිවන් පෑමට බුදුරජාණන් වහන්සේ අදිටන්කර ගත්තේ මෙවැනිම දිනයකයි.

 4.මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධනත්වයෙන ප්‍රථම ධර්ම සංගායනාව පැවත්වුයෙත් නවම් පොහො දිනකදීමයි.


මේ වගේ හේතු ගොඩාක් නිසා නවම් පෝය අපිට වැදගත් දවසක්. තවත් මම නොදන්න හේතු තියෙනවානම් ඒවාත් කියන්න අමතක කරන්නත් එපා...

කොහොම හරි ඔන්න මමත් අද වැදගත් වැඩක් පටන් ගත්තා. මම ඔන්න හාහා පුරා කියලා පන්සිය පනස් ජාතක පොත්වහන්සේ කියවන්න පටන්ගත්තා. ඉතින් මම ඉස්සරහට ඒකෙ එන කථාවස්තුන් ගැනත් ලියන්න හිතන් ඉන්නවා. ඒ බලාපොරොත්තුවත් පිට ඔන්න අදට බ්ලොග් කෙරුවාව නවත්තනවා...

බුදුසසුණ ලොව බැබලෙවා...

Wednesday, February 16, 2011

තවමත් නොපැමිණි වැලන්ටයින්....

Posted by Hipo at 2/16/2011 06:45:00 PM 2 comments
 

දිනෙන් දින ගෙවි කාලය  දිවයන්නේ
ටිකෙන් ටික ගොඩනැගුණු පැතුමන් ලතවන්නේ
අද නැත්නම් හෙට එනුයැයි සිතමින්නේ
ආලය මගේ පසු දොරෙන්ම පැනයන්නේ

තවත් ඉරක් නෙත් ඉදිරියේ බැසයන්නේ
සඳ දෙවියොත් මට ඔච්චම් කරන්නේ
වැලන්ටිනෝ ඔබ කොහිදැයි කියන්නේ
අනේ මටත් රෝස මලක් ගෙන එන්නේ

Saturday, February 12, 2011

Hope....

Posted by Hipo at 2/12/2011 10:52:00 PM 0 comments
For the air that's fresh to keep me strong
For the sun that shines to light my dawn 
For the wind that blows through my soul
And the life that awaits when I go home

You have always been my strength
at times that shine and ones not kind
this hymn I sing comes with great joy
may the love I get be with all kind

You give me strength when there's no hope
You give me love when I feel lost
You give me more than I ever ask for
Please give me will to share it all

May those in hunger get more food
and shelter, love and breath of hope
smiles of children, love of god
May all be blessed with your true love

Saturday, January 1, 2011

Hippo New Year

Posted by Hipo at 1/01/2011 10:28:00 AM 7 comments

With dawn of the new year
With blessings of god
May all your sorrows wipe away
With a pleasant sense of hope...

May every step bring success
May every day be blessed
May every dream be yours
My wish for you is this...

Happy 2011 Guys... May everything you desire be yours....!!!
 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare