Monday, March 8, 2010

කඳුල මා ලඟ...

Posted by Hipo at 3/08/2010 09:58:00 AM



සැන්දෑවෙලා හිරු අවරට වුනානේ
මහ වැහි වලා සඳ කළු කර ගියානේ
ඇස් තෙත් කර කඳුළැලි වඟිරුනානේ
මා තනි කර ඔබ යන්නට ගියානේ

10 comments:

දිල් on March 8, 2010 at 10:17 AM said...

දවසක් ගෙවී දවසක් යළි ආවාදෙන්
ඇස් තෙත් කල කදුළැලි වියලුනාදෙන්
හිතේ බරට කවිපද ලිය උනාදෙන්
මගෙ තනියට නුඹේ මතකය තිබුනාදෙන්

Hipo on March 8, 2010 at 10:39 AM said...

මා තනිවෙලා කවි සිතුවිලි ලියන කල
කඳුළැලි ගලා සිතුවම් බොඳවි යයිද
තනිකම නැති කරන්නට මා මේ කරන තැත
හැමදාමත් ඔබ මා ලඟ සිටිනවද...

හරිම ලස්සනයි දිල්. බොහොම ස්තුතියි හැමදාමත් ඉන්නවට. මම තනිවෙලා නෑ කියලා හිතෙනවා...

Pippi Longstocking on March 8, 2010 at 10:55 AM said...

You ve really unleashed the poet in you sis. Keep up the good work. :)

දිල් on March 8, 2010 at 11:02 AM said...

හිරු ඇවිදින් මට දවසක් එන දාක
හිත අද්දර අපෙ මිතු දම රැදෙන විට
දුරින් උනත් නුඹේ තනිකම දැනුන කල
හිත පිරිමදින්නට එන්නම් ලගින් හිද.........

අපි හැමෝම තනිවෙලා ඉන්න අය...ඔයාව මට දැනෙනව...ඔයාට මාව දැනෙනවා...අපි අපි ලගින් ඉන්නකම් තනියක් දැනෙන එකක් නෑ සිස්....හිතට පුංචි හයියක් වෙන්න මාත් ඔයා ලගින්.......

වැප් on March 8, 2010 at 11:57 AM said...

කියවුයෙමි ...
රස වින්දෙමි ...

Hipo on March 8, 2010 at 9:53 PM said...

@දිල්, pippi, වැප්

සතුටත් දුකත් හැම කෙනෙකුට පොදුවේද...
මිතුදම උතුම් දෙවියන් වුව ගරුකරන...
කඳුළක් සමඟ සතුටක් ඇත පේන දුර...
ඒ අන් එකක් නොව ඔබ මාළඟ ඇතිබවින...

බොහෝම ස්තුතියි හැමදාමත් මා සමඟ සිට මෙහි සටහනක් තැබුවාට...

Missaka on March 9, 2010 at 10:09 AM said...

පේලි 4කින් ඉවරවෙලා තිබුණත්, මුළු කථාවක්ම වගේ කියවන්න උත්සාහයක් තියෙනවා. බොහොම අගෙයි හිපෝ සහෝදරී.

Hipo on March 9, 2010 at 12:39 PM said...

බොහෝම ස්තුතියි මිස්සක මල්ලි...

බිඟූ on March 21, 2010 at 9:38 PM said...

ජීවිතේ අපිට හම්බවෙන දේට වැඩියෙන් නැති වෙන දේවල් වැඩියි.
එහෙම නොවුනානම් අපිට පිස්සු හැදෙයි.
මේ හම්බවෙන ඔක්කොම එකතු කරගෙන පරිස්සම් කරන්න ගියානම්.
ඒක හින්දා නැති වෙන එකටත් සතුටු වෙන්න හිපෝ...

/බිඟුවා...!

Hipo on March 23, 2010 at 7:52 PM said...

@බිඟු
ස්තුතියි බින්ඟු...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare