Sunday, April 18, 2010

ගෙම්බා වැටුණ හැටි...

Posted by Hipo at 4/18/2010 12:18:00 PM





මේක මම අහපු අපුරු කථාවක්. ඉතින් හිතුනා මේක ඔයාලගෙනුත් අහල බලන්න ඕනා කියලා. බලමු ඔයාලා මේක දන්නවාද කියලා.

දැන් ටික කාලෙක ඉඳන් අපෙ ගෙදරට අපූරු අමුත්තෙක් එනවා. අමුත්තෙක් කියුවට එක්කෙනෙක්මත් නෙවේයි. එකෙනාගෙන් 
පටන් අරගත්තත් දැන් එයා තවත් මිතුරො දෙන්නෙකුත් එක්කන් තමා එන්නේ. හිතන්න පුලුවන්ද මේ අපූරු අමුත්තා කවුද කියලා?

එහෙනම් ඕං කට්ටියම අහගන්නකෝ...

අපේ ගෙදර ඉන්නවා බලු රාල කෙනෙකුයි, පුස් අම්මෙකුයි, පුස් පැටියෙකුයි. ඔය අතරේ ටික දවසක් ඉඳන් තවත් කෙනෙක් රෑ තිස්සේ ඕං ගේ හරහා පැන පැන යනවා දකින්න ලැබුනා. විපරම් කොරොලා බලද්දි මේන් බොලේ ගෙම්බි හාමි කෙනෙක් ඉන්නවා. එක්කෙනක් නම් මදැයි, මදි නොකියන්න දැන් තුන්දෙනෙක්ම ඉන්නවා. ටිකදවසක් සොදිසි කරනකොට අපි දැක්කා මෙයාලා අර පුස් අම්මගෙයි, පැටියගෙයි බත් පිගානට තමා රිංගන්නෙ. ඉතින් ඔන්න හිපෝ මැණියන්ට අම්බානක් තදවෙලා මූට වැඩක් දෙන්න හිතුවා. හිතලා හැංගිලා ඉඳල පොල් කට්ටකින් මුන්ව වහලා වත්ත පල්ලෙහාට විසිකොරා. ඊට පස්සෙ හොඳ හිනාවකුත් දාගෙන ජයග්‍රාහි ලිලාවෙන් උන්නා.

ඒත් වැඩි දවසක් ගියේ නෑ ඕන් පහුවෙනිදාම මෙයා අයෙත් අපිට පස්ස වන වනා ගේ හරහා යනවා. ඔය විදියට කිහිප දිනක්ම සිද්ද වුනා. ඕං ඉතින් හිපෝ මෑණියන්ට තද වුනා. මේදා සැරේ දෙනවා බැටෙ කියලා අයෙත් මූව අල්ලලා තාප්පෙන් එහාපැත්තේ අල්ලපු වත්තට දැම්මා. හික් හික්...

කොහොම නමුත් මේ යකානම් එලවන්න බෑ. ඉතින් දැන් අපේ ගෙදර මේ හැමදෙනාම සාමදානයෙන් වෙසෙනවා.
ඉතින් ඔය කථාව හිපෝ මහප්පට කියුවම එයා මෙන්න මෙහෙම කථාවක් කියුවා. බලන්න ඔයාලා අහලා තියෙනවද කියලා.

"ගෙම්බා ගෙදරින් එලියට විසිකරාම ඌ බිමට වැටෙන්නේ ගේ පැත්තට හැරිලාලු. ඉතින් ඌ අයෙත් ගෙදරටම එනවලු."

ඒක නම් මරුම කථාව. හිඃ  හිඃ.... ඔයාලත් අහලා තියෙනවද?

46 comments:

දිල් on April 18, 2010 at 12:58 PM said...

ඇත්තටම මාත් ඔය කතාව අහලා තියෙනවා හිපෝ...අපේ මාලි පුංචිලාගෙ ගෙදරත් උන්නා ඔය වගේම පත ගෙම්බෙක්. එයාව දවසක් අරන් ගිහින් හැතැක්මක් විතර දුරින් තියෙන ගගක් ලගට දාල ආවා. බාප්පත් හිතුවෙ කරදරේ ඉවරයි කියලා. ඒත් ඉතින් ආයෙමත් දවස් දෙකකට පස්සෙ මෙන්න මෙයා අර පුරුදු තැනම ඉන්නවා. එයාව දැකපු අපිට හොඳටම හිනා....

ගම් වහර අනුවනම් මේ අයට කියන්නේ " ගේ ගෙම්බෝ " කියලයි...මොකක් නිසා එහෙම කියනවද කියන්න නම් දන්නෙ නෑ

වැප් on April 18, 2010 at 1:35 PM said...

අහලා තියනවා ප්‍රෙත අත්ම ගෙම්බො විදිහට එනවා කියලා .....

දුකා on April 18, 2010 at 3:02 PM said...

වැප් කිව්ව වගේ මාත් අහලා තියෙනවා ඒ ගෙදරට / ගෙදර අයට හිතවත්කමින්, අතහැර ගන්න බැරි වුනු ආදරෙයෙන් මිය ගිය ප්‍රාණියෝ ගෙම්බෝ වෙලා ඉපදිලා ඒ ගෙදරටම එනවා කියලා . .. අනේ මන්දා ඇත්තද කියලා

Hipo on April 18, 2010 at 3:41 PM said...

@දිල්
ඔව් අනේ. අපිටත් හිනා මෙයාලගේ වැඩ වලට. ගේ ගෙම්බො කියනවා ඇත්තේ මෙයාල සැපට ගෙවල් ඇතුලට වෙලා ඉන්න නිසා වෙන්න ඇති. මාර පොරවල් තමා.

Hipo on April 18, 2010 at 3:41 PM said...

@වැප්
ඔව් ඔව්. මාත් එහෙම අහලා තියෙනවා. ඒක ඇත්තකද දන්නේ නෑ.

Hipo on April 18, 2010 at 3:46 PM said...

@දුකා
ඔව් ඔව් දුකා. මාත් වැප් කියපු දේ අහලා තියෙනවා. තමන්ට ආදරය කරන අය මේ වගේ සත්තු වෙලා ගෙදරට එනවා කියලා අපෙ වැඩිහිටියො මටත් කියලා තියෙනවා. විශෙෂෙයෙන්ම ගෙම්බො, නයි වගේ. බයත් හිතෙනවා.

Hipo on April 18, 2010 at 3:49 PM said...

මට පුදුම ගෙම්බා කොහොමද ගේ පැත්තට හැරිලා වැටෙන්නේ?

Anonymous said...

ඉස්සර අපේ ගෙදරටත් එනවා මෙහෙම ගෙම්බෙක්. ඌ හැමදාම උදෙ වෙද්දි මගේ ඉස්කෝලෙ දාන සපත්තුවක් ඇතුලට රින්ගනවා. ඒක තමයි මට පෙන්නන්නම බැරි වැඩේ. හිරිකිතයිනෙ ඉතින් සපත්තුව ඇතුලට රින්ගුවාම. අපි ඌට කියන්නෙ සපත්තු ගෙම්බා කියලා. වයසක උදවිය නම් කියන්නෙ ගෙම්බව අල්ලලා ගලාගෙන යන වතුර පාරකින් එහාට දැම්මම ආයෙ එන්නෙ නැතිලු.

Hipo on April 18, 2010 at 4:19 PM said...

msenrath ට;
හික් හික්. සපත්තු ගෙම්බො. ඊයා නේද. වතාවක් මගේ කකුල උඩින් ගෙම්බෙක් ගියා.. සීතලට දැනුනා.. අහ්, ගලාගෙන යන වතුර පාරකින් එහාට දැම්මම ඌ වතුරට පැනපු ගමන් ගහගෙන යනවා ඇති.
අපි නම් අන්තිමට හිතුවේ නුවර ආච්චි බලන්න යනකොට අරන් ගිහින් කොහෙ හරි මගකින් අත අරින්න කියලයි.. හිඃ හිඃ

හා පැටික්කි (MS) on April 18, 2010 at 5:04 PM said...

@ දුකා....
ඇත්තමද අයියේ...

අපෝ එතකොට හැමදාම රෑ ජාමෙට මගේ කාමරේට රිංගන ගෙබිස්ට මං මොකද කරන්නේ......?????
හැබැයි කරදර කරන්නෑ මට ඔහේ ඉඳල මදුරුවො ටික ගිලින හන්ද මටත් ලේසියි......
මං එලවන්නෙත් නෑ.... එයා උදේට යනව රෑ 8ට විතර ආයේ එනවා.... පවු..... :) :)

එයාගෙන් ඇහුවොත් කියයිද දන්නෑ එයා ගිය ආත්මෙ මගේ කවුද කියල...... :)

Hipo on April 18, 2010 at 5:18 PM said...

හා පැටික්කි (MS) ට;

හප්පා... ගෙම්බි කුමාරයෙක්ද දන්නේ නෑ... මදුරුවො ටික කන එකනම් ඇත්තටම ලොකු උදවුවක්. අපෙත් හිතේ සැනසීමකට තියෙන්නේ එච්චරයි. හැබයි බලාගෙන.... අවතාරයක දනේත් නෑ නොවැ..

දේවා on April 18, 2010 at 5:39 PM said...

ඈත්තටම මටත ඔය වෑඩේම උනානේ... මම ඉතින් ඔය ගෙම්බෝ ටික අල්ලගෙන ගිහින් අඩුම තරමින් 7 කිලෝ මිටර් වත් ඈතක තමයි දාලා අවේ දවස් දෙකයි අයේ ගෙදර........
අමුතුම ඉවක් තමා තියෙන්නේ මොක්ද පෑයකට 40ක 50ක වෙගෙන් යන පාරක් මතක තියාගෙන ආපහු එන්න තරම්..... විසදුමක් හොයා ගත්තොත් මටත් කියන්නකෝ
http://www.athugalpura-zone.co.cc/

sansarasidu on April 18, 2010 at 5:40 PM said...
This comment has been removed by the author.
sansarasidu on April 18, 2010 at 5:40 PM said...

@ Hipo,
හිපෝටත් වෙන වැඩ.... මාත් ඔය කතා අහල තියෙනවා... කොහොමත් වැහි කාලෙට නම් ඉතින් මෙයාලගෙන් ගැලවීමක් නෑ...

@ හා පැටික්කි (MS),
හා නඟේ මං කියන්නද මරු වැඩක්...
ඔය කවුරුවත් නැති වෙලාවක... ගෙඹි කුමාරයට පොඩි Kiss එකක් දීලා බැලුවනං...
කවුද දන්නෙ අර කතාවේ වගේ ගෙඹි කුමාරය, ලස්සන කුමාරයෙක් වෙලා හා පැටික්කිව තමන්ගේ කුමාරි කර ගනියිද කියලා...
හික් හික් හී...

sansarasidu on April 18, 2010 at 5:54 PM said...

හිපෝ නැන්දගේ කවි පන්තියක් ලක්බිම පත්තරේ පලවෙලා...
මගේ උණුසුම් සුබ පැතුම් !!!

http://www.lakbima.lk/lakbima%202/lakb2%206.htm

Hipo on April 18, 2010 at 5:54 PM said...

දේවා ට;

අහ්... බලාගෙන යනකොට ගෙදරකම ගෙම්බො හොල්මන් කරනවානේ. මේ සැරේ msenrath සහෝ කියපුදෙත් අත් හදා බලන්න ඕනා... බලමු බලමු... විසඳුමක් ලැබුනොත් අනිවාර්යයෙන් කියන්නම්. ආයෙත් මේ පැත්තෙ එන්න. ඇවිත් අනිවාර්යයෙන් සටහන තියලා යන්න.

Hipo on April 18, 2010 at 6:06 PM said...

@sansarasidu

ඇත්තනේන්නම්... මල් හතයි... සන්සරසිදු ළමයට කියුවට ගොඩාක් පිං... මට හරි සතුටුයි....

Hipo on April 18, 2010 at 6:09 PM said...

@sansarasidu

ගෙම්බන්ගෙන් නම් ගැලවිමක් නෑ තමා... පව් ඉතින් පොඩ්ඩක් විතර හුරතල් සතෙක්නේ...

Unknown on April 18, 2010 at 7:52 PM said...

ගැරඬි එළවන්න භූමි තෙල් ගානවා වගේ වැඩක් නම් සමහරු කරනවා ගෙම්බෝ එළවන්න.
මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් දවසක් වැසිකිළියේ පදිංචිකාරයෙක්ව එළව ගන්න බැරුව ඔය වැඩේ කරලා. ටික වෙලාවකින් බලද්දි දැක්කලු ලේ ගුලියක් මිදුලේ පැන පැන යනවා....
උගේ හම පිච්චිලා ගිහින් ඇසිඩ් වලට වගේ... :(

හා පැටික්කි (MS) on April 18, 2010 at 9:38 PM said...

@ Sansarasidu
ඊයා..... මට දැනුත් වමනෙට වගේ....... ෂික් අයියේ........ :O :O

අනේ පවු අහිංසකය......:( :(

හැබැයි වරදක් නෑ..... මං බාත් රූම් එකට යද්දි එයා හිටියොත් අනිවාර්යෙන් පස්සෙන් පන්න පන්න හරි සබන් පෙන හද හද එයාගෙ ඇඟට දාල නාවනව........... ;););)
දන්නවනේ සත්තුනේ....... :D :D :D :D

Anonymous said...

ගෙම්බත් ජීවත් වෙන්න එපැයි. අපට හානියක් නැත්නම් ඔය සත්තු ඔහේ හිටපුවාවෙ... පරිසරයේ සමතුලිත බව රකින්න ගෙම්බොත් ඕන වෙනවා... උන් වැඩි උනාම, උන්ව අල්ලන් කන්නත් ගැරඩියෝ එනවා.. ! ගෙම්බව පැත්තකින් තියල දැන්ම ඉඳන් ගැරඩි අල්ලන්න ප්‍රැක්ටිස් කරමු.

දුකා on April 18, 2010 at 10:26 PM said...

හා පැටික්කි (MS)gea gebi kumaarayaata jaya wewaa . .. . !

Hipo on April 18, 2010 at 10:57 PM said...

නිශාචරයාට;

අනේ පව්.. ඒව පව් වැඩ නෙද නිශාචරයෝ? අහිංසක සතෙක් නේ. ඔන්න ඔහේ හිටි දෙන්. ස්තුතියි මේ ඉසව්වට ගෙම්බො බලන්න ආවට. අයෙත් එන්න ඕන ඔං.

Hipo on April 18, 2010 at 11:00 PM said...

@sameerausa

ආදරයෙන් පිලිගන්නවා ඔයාවත් මගෙ කූඩුවට. ඒ කථාවෙ නම් ඇත්තක් තියෙනවා. දැන්නම් භයේ බෑ ගැරඬි එයි කියලා. මම සර්පයන්ට හරිම භයයි.

Hipo on April 18, 2010 at 11:02 PM said...

හා පැටික්කි (MS)ට;

හික් හික්... එහෙනම් ඉතින් ගෙම්බාත් සුවඳ ගහනවා ඇති දැන්. මොනා වුනත් වාසනාවන්ත ගෙම්බෙක්...

Hipo on April 18, 2010 at 11:06 PM said...

@දුකා....

Lol...එල එල...

ඕං අපිත් සුභ පතනවා එහෙනම් විස්තර අපිටත් කියන්නෝ....

රවා on April 19, 2010 at 1:17 PM said...

අම්මාගෙන් අහපු වාහම කියනවා.. හැමදෙම පැහැදිලි කරගන්න ඔනැ නැහැ.. කියපු දෙ මතක තියාගනින් කියලා.. මගෙ කාමරයෙත් ඉන්නවා හරිම ලස්සන හුරතල් ගෙබි පැංචෙක්... ඌ යි පත්තා පැටියෙකු යි තමයි මාව උදෙට ඇහැර වන්නෙ..

Grey on April 19, 2010 at 1:39 PM said...

Pau deiyane.. awuruddata negam awilla un set eka.
Oyala kanna bonna mukuth deela nethi nisa thama bath ekata wede deela thiyenne.
Ohoma salakanna watinawada gembekta unath aluth awurudde?

Hipo on April 19, 2010 at 5:08 PM said...

රවා ට;

ඔයා ඇහරෙන්නේ "බක බක" සද්දේටද? බලන් යනකොට හැමොම කාමර වල ගෙම්බො ඇති කරනවනේ... හික් හික්..

Hipo on April 19, 2010 at 5:12 PM said...

@Grey,

හිං හිං.. එයලා කන්නේ අපෙන් අහන්නේ නැතිව.. මහ රෑ වැරදිලා හරි කුස්සියට ගියොථ් බලාගත්ත හැකි පුස් අම්මගේ කෑම පිඟාන අස්සට බැහැලා ඉන්නවා... ලොල්..

Grey on April 19, 2010 at 5:25 PM said...

wedagath widihata meseta katha karala kanna dunnanam ohoma wenne nene

Hipo on April 19, 2010 at 7:13 PM said...

@Grey

අපෝ.... හොඳට තියෙයි ගෙම්බිනයිදේ කෙනෙක් ඉන්න කොට මේසෙ උඩ.

හා පැටික්කි (MS) on April 19, 2010 at 7:20 PM said...

@ දුකා,hipo
එහෙනම් කට්ටියම එනවනෙ වෙඩින් එකට.......??????
හැබැයි කොන්දේසියක් තියෙනව...... :D :D :D :D :D :D

එන හැමෝම පැන පැන ආ යුතුයි....... :P:P:P:P:P:P:P:P:P:P

අහිංසක මාව මේ අයගෙ කතා වලින් බේරගන්න කවුරුත් නැද්දෝ......??????? :( :( :( :( :( :(

Hipo on April 19, 2010 at 7:53 PM said...

@හා පැටික්කි (MS)

අපෝ ඕක මොකක්ද... මේක කවුරුත් පනින කාලේ නේ... අනික ඉතින් ඔයාට නම් අවුලක් නෑ නේ... හාවත් (හා පැටික්කි) පනිනවා... ගෙම්බත් පනිනවා... දෙන්නම පනිනවා... අපිත් පනිනවා.... හික් හික්... ගෙම්බි කුමාරයා පැන පැන එයි බේරගන්න...

බිඟූ on April 19, 2010 at 9:23 PM said...

දැන් තමා ඉස්පාසුවක් ලැබුනේ කියවන්න.
හික්ස්...
අනේ පව්. ඌට ඉන්න දෙන්න...
ඉස්සර යාළුවෙක් වෙන්න ඇති

/බිඟුවා...!

Anonymous said...

Lamai, gembo kanda Nai saha anikuth sarpayo enawa.... parissamin......

/Creat Ghama

Missaka on April 19, 2010 at 10:01 PM said...

ගෙම්බන්ගේ හැටි එහෙම තමයි. අහිංසක සත්තු.
මැඩියන්ට වඩා වෙනස්.Frog and Toad

Hipo on April 19, 2010 at 11:35 PM said...

බින්ගු ට;

හිහ් හිහ්... ඔව් ඔව්... පරණ යාළුවෙක් වෙන්නත් පුලුවන්. අයේ කරන්න දෙයක් නෑ. එයා හොඳින් නැත්නම් නරකින් හරි මගේ ගෙදර ඉන්නවා කියලා තමා මටනම් පෙන්නෙ.. මට භය තව ටිකදවසකින් මේ යකා අපිව ගෙදරින් එලවයිද කියලයි...

Hipo on April 19, 2010 at 11:39 PM said...

Creat Ghama ට;

අප්පා.. ඒකම තමා මටත් තියෙන භය... මම උරගයන්ට හරිම භයයි....

Hipo on April 19, 2010 at 11:44 PM said...

මිස්සක ට;

ගොඩ කාලෙකින් නේ මල්ලි... ඔව් ඒක ඇත්ත උන් හරි අහිංසකයි. ඒත් ඉතින් හැමතිස්සෙම ගේ මැදින් පැන පැන යනවනේ. අනික සද්දේ. මැඩියගෙන් ගෙම්බගෙයි හැසිරිමේ වෙනසක් තියෙනවද? මම නම් දන්නේ නෑ...

Missaka on April 19, 2010 at 11:53 PM said...

තියෙනවා තියෙනවා.
මැඩියා තමයි තෙත් පරිසරවල ඉන්නේ. ගෙම්බා ඉන්නේ වියලි පරිසරවල. හම ගොරෝසුයි, වියළියි.

Hipo on April 20, 2010 at 12:03 AM said...

මිස්සක ට;

ඔහ්... පොඩිකාලේ ඉගෙන ගත්තා කියලා යාන්තම් මතකයක් ආවා ඔයගේ අදහස කියෙවුවාම. ස්තුතියි ස්තුතියි.

Unknown on April 20, 2010 at 3:18 AM said...

පව් වැඩක් නම් තමයි හිපෝ.. ඒකයි එයා පාවිච්චි කරපු දේ මම මෙතන කිව්වෙ නැත්තේ. හැබැයි එයා ඒක කරලා තියෙන්නේ ඌව එළවන්න ඒකෙන් මොනවද වෙන්නේ කියලා දැනගෙන ඉඳලා නෑ. ඔන්න මම ආයෙත් ආවා හිපෝ නැන්දගේ ගෙඹි කතා අහන්න.... හි හි හී... :D

Hipo on April 20, 2010 at 9:11 AM said...

නිශාචරයා ට,

හිහ් හිහ්... ඔව් ඔව්.. කියපු නැති එක හොඳා... නැත්නම් මාව පොලිසියෙන් ගෙනියයි මගෙ බ්ලොග් එක නිසා ගෙම්බො වඳ වෙලා කියල... හම්මෝ.. ස්තුත්යි ආයෙත් ආවට. ආයේ ආයෙ එන්න ඕනා.. ගෙම්බො බලන්න වගේම හිපෝ බලන්නත්...

සෝරෝ on April 20, 2010 at 9:41 AM said...

ඉන්න ඇරපං බං ඔන්න පවු නේ... ගිය ආත්මේ උඹේ ෆිට් එකක් වෙන්න ඇති..

හික්ස්..

-සෝරෝ

Hipo on April 20, 2010 at 9:47 AM said...

සොරො ට;

අහ්... ලෝක ශුර සොරෝ අංකල් උත් ඇවිල්ලා ඉන්නේ ගෙම්බො බලන්න. ඔයාට වත් එලවන්න බැරිද මෙයාලව.
ෆිට් එකක් වෙන්න ඇති.. හැබැයි තව ටික දවසකින් මෙයාලා අපිව ගෙදරින් එලියට දායි කියලා තමා අපිට තියෙන භය...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare