Thursday, April 8, 2010

හිපො ඡන්දේ දාන්න ගිය හැටි....

Posted by Hipo at 4/08/2010 11:48:00 PM


අද පළමු වතාවට හිපෝ ඡන්දය දාන්න තනියම ගියා. මෙච්චර කල් හිපෝ මැණියන් එක්ක තමා ගියේ. ඉතින් පොඩි තැති ගැනීමකුත් නොතිබ්බම නෙවෙයි. ඒත් ඉතින් අලුත් අත්දැකීමක්නේ. එකත් හොඳයි කියලා හිතාගෙන ඕං මං කිසි පක්ෂයකට නැති පාටකුත් ඇඳන් ගියා.


ඉතින් ශාලා අංක බලලා ඔන්න කොහොම හරි ඡන්දය දාන්න ඔනා තැනට ගියා. හැමදාමත් වගේ මේ සැරෙත් ඉතින් මගේ නම වැරදියට තමා ඡන්ද පත්‍රිකාවේ ලියලා තියෙන්නේ. ඉතින් එක ලියපු කෙනාවත් හොඳට මතක් වුනා මගේ නම කියලා හයියෙන් කෑගහුවම. මොනා කරන්නද ඉතින්.


හැබයි ඉතින් කිසි කරදරයක් නැතිව ඡන්දෙ නම් දැම්මා. ඒත් මේ සැරේ පාට කරේ හැමදාමත් පාට කරන ඇඟිල්ල නෙවේයි. ඒකත් වෙන්සක්. අනික මට හරි සතුටක් ආවා මගේ ඇඟිල්ලෙ වැඩිය පාට ගාපු නැති නිසා. කොහොමත් පාට මකාගන්න අවශ්‍ය දෙවල් ගමන් මල්ලේ දාගෙන තමා ආවේ.


කොහොමෙන් හරි හිපෝට පින් අතෙ වැඩකුත් කරගන්න අවස්ථාවක් ලැබුනා. ඒ පඩි පෙලක් බැහගන්න බැරිව හිටි වයසක් ආත්තම්මා කෙනෙක්ට ඇවිදගෙන යන්න උදවු වෙන්න පුළුවන් වුනා. ඉතින් ඒ ඇත්ති මට ප්‍රශංසා  කළා වගේම පිං දුන්නා. ඔච්චරයි ඉතින්  ඡන්දේ දෙන්න ගිය එකෙන් වැදගත් දෙයකට වුනේ. හිතට සතුටුයි ඒක ගැන.

17 comments:

Missaka on April 9, 2010 at 12:06 AM said...

හොඳයි හොඳයි.. කාටද ජන්දෙ දැම්මේ..?
හිපෝටද?

Anonymous said...

හා.... එහෙනම් ඔයත් සමනලී වගේම ඇගිල්ලේ පාට මකාගෙන නේද? සමනලී නම් ජන්ද පොලට යන්න කලින්ම පාට මකන්න ඕනා කරන තත්ත්ව සපයාගෙන තමයි ගියේ.... ;-)

රවා on April 9, 2010 at 6:48 AM said...

@!$@$@#
මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රිය වලට මුහුන දිලා නැද්ද .. එන්න එපැයි අපෙ පැත්තෙ චන්ද බලන්න.. හැමතැනම හිනියට ගහ ගන්නවා.. මෙහෙ මරා ගන්නෙ එකම පක්ෂයෙ කස්ටිය.. පොලිසියට යන්නෙ නැහැ.. ලොකු තැන් වලට ආරංචි වෙයි කියලා..

Hipo on April 9, 2010 at 7:05 AM said...

@මිස්සක මල්ලා...
ඇඳට තමා ඡන්දේ දුන්නේ...ඔයා ගෙම්බාටද?

@punchisamanalee
අපොයි ඔව්... යන්න කලින්ම මම වෙන විදියකට ඇඟිල්ල පාට කරගෙන ගියේ. එතකොට ඡන්ද පාට යවන්න ලෙසියි.

@රවා
හික් හික්... අනේ මම මේ බලාගෙන හිතියෙ මැතිවරන ප්‍රචණ්ඩක්‍රියා එනකන්. කොහෙද අපේ පැත්තෙ නෑනේ. තිබ්බානම් නිවාඩුව වත් ගන්න තිබ්බා. දැන් ඉතින් ඔපිස් දක්කන්න එපැයි. මිනිස්සුන්ට පිස්සු අප්පා. පොලිසි‍ය ගැවසෙන්නෙ නැද්ද ඔය පැත්තෙ? අපේ පැත්තේ හරියට හිටියා...

Hasitha Gunasinghe on April 9, 2010 at 8:31 AM said...

හිපෝ දඹුලුත් ගිහින් තලගොයින් මරාගෙන ආව වගෙයි නේ. ඡන්දෙත් දාල ආපු ආච්චිට උදව් කරලත් ආවා :) :) :)

Buddhi on April 9, 2010 at 12:56 PM said...

මං නං ඈගිලි පාට කරනවට අකමැතියි. ඒක හින්දා ගෙදෙට්ට වෙලා හිටියා. අනික දෙන්නෙ මනාපනං කතිර ගහල හරියන්නැනේ. මනාප කටිටියට දාන්න ඔන හරි ලකුණනෙ. හිපෝ ගිහිල්ලා මහ ලොතුවට මනාප කටිටියට කතිර ගහල එනඩ ඈති ශුවර් එකට. දැං හිපොගෙ චණද කොලේ ඈති කුනු ගොඩේ. හොද වැඩේ පන්ඩිතකං කොරන්ඩ යනවට. හිහිහි...........

Anonymous said...

එහෙනම් ඕං හිපෝයි සමනලියි පාට යවන්න කරලා තියෙන්නේ එකම වැඩේ තමයි... හිකිස්.... :D :D
පවු වැඩේ ජන්ද පොලේ හිටපු අක්කා සමනලීගේ මුණ දිහා බල බල සෑහෙන මහන්සියෙන් නෙව ඇගිල්ල පාට කලේ.. ඒත් තීන්න ගැවුනේම නැති ගානයි හී හී.....

දුකා on April 9, 2010 at 7:18 PM said...

හොඳා හොඳා ඡන්දේ නම් කෙසේ වෙතත් පිං අතේ වැඩක් කර ගන්න ලැබුනු එක මදෑ . . .

Grey on April 9, 2010 at 7:27 PM said...

බලන්නකෝ.. අදත් වැඩනේ ලංකාවේ අය..ඔයාල වගේ චන්ද දායකයෝ පොඩ්ඩක් මහන්සි උනා නම් අද ඇදිරි නීතිය දාගන්න තිබ්බා...

Anonymous said...

අයියෝ අද නිවාඩු නැද්ද හිපෝ

Anonymous said...

Ela !!!

Cool picture Hipo.....

Achi ammata udaw karapu eka gana sathtui..... Ada kale wadath ekka ape manussakam adu welane.... good to hear....

/Creat Ghama

Hipo on April 9, 2010 at 11:44 PM said...

@හසිත..
හිඃ හිඃ...කොහොමද ටිකිරි වැඩ... අප්පා තලගොයි කියුවම මතක් වුනේ... හරි පිංබර හිපෝ පැටික්කි නේද?

@බුද්ධි
ඔව් ඇත්තමයි. මම ගිහින් ලොකූම ලොකු කතිරයක් ගහලා ආවා හැමොටම. අයි අනේ ඇඟිලි පාත කරනවට අකමැති. ගෑණු ලමයෙක් වගෙ..ඔයත් මායි පුන්චිසමනලීයි වගේ පාට මකන්න ක්‍රම සහ විදි පාවිච්චි කළනම් හරිනේ.

@දුකා
ඒකනෙ දුකා.සතුටු වෙන්න කියල තියෙන්නෙත් එච්චරයි නොවැ.පාවිච්චි කළනම් හරිනේ.

Hipo on April 9, 2010 at 11:52 PM said...

@Grey
අයියො.. මාත් ෆුල් ට්‍රයි එක දුන්නා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රොමොතෙ කරන්න. කොහෙද ඉතින් අපේ අයට දැන් නිවාඩු වැඩිවෙලා ඒව එපා වෙල වගෙ... ඔයා චන්දෙ දැම්මෙ නැද්ද?

@Nimanthi
නෑ නේ සහෝ.... අද මට වෙනදාටත් වඩා වැඩ තිබ්බා අනේ. ගෙදර එනකොට කූඩුවේ දොරත් වහලා. පව්...

@Creat Ghama
True Bro. I was so happy about that day too. This was my first time to help out a person like this. And it turned out that she was a very nice lady and also a retired teacher. She was also happy that I helped her...

Anonymous said...

:-)

V true sis. Life is short.. Live happily while fulfilling duties

/Creat Ghama

sansarasidu on April 10, 2010 at 7:04 PM said...

“ඕං මං කිසි පක්ෂයකට නැති පාටකුත් ඇඳන් ගියා.“

හිපෝ නං ඒ හන්දා බේරෙන්නැති...
අප්පොච්චියේ මට වෙච්චි වැඩක්...
මාත් ඡන්දය පාවිච්චි කරන්න ගියේ වැඩ ඇරිල එන ගමන්...
කරුමෙක මහත... මං ඇඳල හිටියේ එක්තරා දේශපාලන පක්ෂයක පාට ..
හැමෝම මා දිහා බලාගෙන හිටියෙ නැතැයි... කන්ඩ වගෙ...

Hipo on April 10, 2010 at 8:26 PM said...

@Creat Ghama
Thank you meyaa....

@sansarasidu
අයියෝ ළමයෝ... හිහ් හිහ්.... මදැයි ඔයින් ගියා... කන්න වගේ බලන් ඉඳලා විතරක් බේරුනා... ගුටි කන්නේ නැතිව බේරිලා.... කොහොමද ගුටි කෑවනම් ඇඟට දැනෙන සැප? මමනම් යන්න කලින් ඔවා ඔක්කොම හිතනවා....

Buddhi on April 10, 2010 at 11:49 PM said...

@බුද්ධි
ඔව් ඇත්තමයි. මම ගිහින් ලොකූම ලොකු කතිරයක් ගහලා ආවා හැමොටම. අයි අනේ ඇඟිලි පාත කරනවට අකමැති. ගෑණු ලමයෙක් වගෙ..ඔයත් මායි පුන්චිසමනලීයි වගේ පාට මකන්න ක්‍රම සහ විදි පාවිච්චි කළනම් හරිනේ.

හිපෝ නැන්දේ,

ඈගිලි පාට කරගත්තා ව​ගේ නෙමෙනෙ හිපෝ නැන්දෙ. ඊට පස්සෙ එයාල සැරින් සැරේ පාට මාරු කොරන කොට. එතකොට මට ඒ ගොල්ල පේන්නෙ කටුස්සො ව​ගේ. අර කිරි සුදු පාටට ඉන්න අයව කටුස්සො වගේ පෙනුනම මටමනේ පවු පිරෙන්නෙ. මමත් එක පාරක් ඔය ඈගිලි පාට කරනන් ගිහිං අවුරුදු 6 විතර කටුස්සො දැක දැක හිටියා. ඒක හින්දයි මේ මේ පාර ගියේ නැත්තෙ. හිහි.....

'' මං කටුස්සන්ට බයයි නැන්දියේ''
මීට හිතවත්-කෙහෙල්කොටුවේ චූටි මහත්තයා

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare