Wednesday, April 28, 2010
මගේ බුදුන්...
දසමස පුරා මා ඔබ කුස තුල වඩලා
අපමණ දුක් ගැහැට විඳ මා බිහි කරලා
ලේ කිරි කර පොවා මා ඇති දැඩි කරලා
අම්මේ ඔබ මගේ මුලු ලොව වේය සඳා
කිසි දින තමුන් සැප ගැන කිසි නොකර තැක
දිව රෑ නොබලා නෙක අපමණ වෙහෙස කර
සත්සමුදුර තරණය කර කරන වෙර
පියතුම ඔබයි මගේ මේ ලොව එලිය කල
කවියෙන් කියා නිම කර බැරි ඔබේ අගය
දෙවියන් ඹබුන් පරදයි මගේ ලොවෙ ඔබ
දෙ අත් හිස තබා නමදිමි දිවා රැය
සැමදා බුදුවෙන්න යැයි මම පතමි ඔබ
Monday, April 26, 2010
හුදකලා කවි සිතුවිලි...
මේ නිසසල රෑ යාමයේ
මා තනි විය ගනදුරු පාලුවේ
මා තනියට ඔබ නැත ඒ ඉසවුවේ
මතකය පමණි මා හැරදා නොම ගියේ
නොසිතු වදන් අප මුවඟින් පිටවුයේ
නොසිතු ලෙස දෛවය සරදම් කරේ
සියලු පැතුම් බොඳවී ගිය රාත්‍රියේ
පුරසඳ පවා සැඟවී ඇත මගේ ලොවේ
මතකයි තාම ඔබ හමුවු පළමු දින
දනුනේ ගොඩකලක් ඔබ හඳුනන ලෙසින
සිතුනෙ සසර ගනක් අප එකෙකු ලෙස
බැඳුනේ ඇයි පෙමින් වෙන් වී යන විලස
බොඳවු සිහින ඇත හද තුල කොන්වීලා
මගෙ ලොව අඳුරු විය හැම පහනක් නිවිලා
එනමුදු පතමි ඔබ පැතුදේ ඉටුවීලා
හැම පියවරක් දෙවියන් ඔබ රැක දේවා
දහස් වරක් අයදිමි මම ඔබෙන් සමා
වුව හැම වරදකට අනෙ මට වෙන්න සමා
මා ලොව ඔබ දෙවියක්ය නැත ඔබෙ කිසිත් පමා
මගේ ආයුෂත් ගෙන දිගුකල් වැජඹෙවා
Sunday, April 18, 2010
ගෙම්බා වැටුණ හැටි...
මේක මම අහපු අපුරු කථාවක්. ඉතින් හිතුනා මේක ඔයාලගෙනුත් අහල බලන්න ඕනා කියලා. බලමු ඔයාලා මේක දන්නවාද කියලා.
දැන් ටික කාලෙක ඉඳන් අපෙ ගෙදරට අපූරු අමුත්තෙක් එනවා. අමුත්තෙක් කියුවට එක්කෙනෙක්මත් නෙවේයි. එකෙනාගෙන්
පටන් අරගත්තත් දැන් එයා තවත් මිතුරො දෙන්නෙකුත් එක්කන් තමා එන්නේ. හිතන්න පුලුවන්ද මේ අපූරු අමුත්තා කවුද කියලා?
එහෙනම් ඕං කට්ටියම අහගන්නකෝ...
අපේ ගෙදර ඉන්නවා බලු රාල කෙනෙකුයි, පුස් අම්මෙකුයි, පුස් පැටියෙකුයි. ඔය අතරේ ටික දවසක් ඉඳන් තවත් කෙනෙක් රෑ තිස්සේ ඕං ගේ හරහා පැන පැන යනවා දකින්න ලැබුනා. විපරම් කොරොලා බලද්දි මේන් බොලේ ගෙම්බි හාමි කෙනෙක් ඉන්නවා. එක්කෙනක් නම් මදැයි, මදි නොකියන්න දැන් තුන්දෙනෙක්ම ඉන්නවා. ටිකදවසක් සොදිසි කරනකොට අපි දැක්කා මෙයාලා අර පුස් අම්මගෙයි, පැටියගෙයි බත් පිගානට තමා රිංගන්නෙ. ඉතින් ඔන්න හිපෝ මැණියන්ට අම්බානක් තදවෙලා මූට වැඩක් දෙන්න හිතුවා. හිතලා හැංගිලා ඉඳල පොල් කට්ටකින් මුන්ව වහලා වත්ත පල්ලෙහාට විසිකොරා. ඊට පස්සෙ හොඳ හිනාවකුත් දාගෙන ජයග්‍රාහි ලිලාවෙන් උන්නා.
ඒත් වැඩි දවසක් ගියේ නෑ ඕන් පහුවෙනිදාම මෙයා අයෙත් අපිට පස්ස වන වනා ගේ හරහා යනවා. ඔය විදියට කිහිප දිනක්ම සිද්ද වුනා. ඕං ඉතින් හිපෝ මෑණියන්ට තද වුනා. මේදා සැරේ දෙනවා බැටෙ කියලා අයෙත් මූව අල්ලලා තාප්පෙන් එහාපැත්තේ අල්ලපු වත්තට දැම්මා. හික් හික්...
කොහොම නමුත් මේ යකානම් එලවන්න බෑ. ඉතින් දැන් අපේ ගෙදර මේ හැමදෙනාම සාමදානයෙන් වෙසෙනවා.
ඉතින් ඔය කථාව හිපෝ මහප්පට කියුවම එයා මෙන්න මෙහෙම කථාවක් කියුවා. බලන්න ඔයාලා අහලා තියෙනවද කියලා.
"ගෙම්බා ගෙදරින් එලියට විසිකරාම ඌ බිමට වැටෙන්නේ ගේ පැත්තට හැරිලාලු. ඉතින් ඌ අයෙත් ගෙදරටම එනවලු."
ඒක නම් මරුම කථාව. හිඃ හිඃ.... ඔයාලත් අහලා තියෙනවද?
Friday, April 16, 2010
පිරිසිඳු සිතුවිලි....
දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
එලෙසය බුදුබණෙහිද පැවසෙන්නේ
ඒ බව නැත සමහරුන් සිතන්නේ
නිරතුරු පස්පව් වල පිහිටන්නේ
පණ නම් තණ අඟ පිනිබිඳු වැන්නේ
කිම හැමවිට අන් අය රිදවන්නේ
වැටුණොත් පිනිබිඳු විසිරී යන්නේ
ඇයි ඒ බව නිති අමතක වන්නේ
විසිනා ටික කල සතුටින් ඉන්නේ
හැකි හැමවිට කුසලක්ම කරන්නේ
පිරිසිඳු හැඟුමෙන් හැම අමතන්නේ
එවිට මියැදුනත් නොමැරි ඉන්නේ....
Thursday, April 8, 2010
හිපො ඡන්දේ දාන්න ගිය හැටි....
අද පළමු වතාවට හිපෝ ඡන්දය දාන්න තනියම ගියා. මෙච්චර කල් හිපෝ මැණියන් එක්ක තමා ගියේ. ඉතින් පොඩි තැති ගැනීමකුත් නොතිබ්බම නෙවෙයි. ඒත් ඉතින් අලුත් අත්දැකීමක්නේ. එකත් හොඳයි කියලා හිතාගෙන ඕං මං කිසි පක්ෂයකට නැති පාටකුත් ඇඳන් ගියා.
ඉතින් ශාලා අංක බලලා ඔන්න කොහොම හරි ඡන්දය දාන්න ඔනා තැනට ගියා. හැමදාමත් වගේ මේ සැරෙත් ඉතින් මගේ නම වැරදියට තමා ඡන්ද පත්‍රිකාවේ ලියලා තියෙන්නේ. ඉතින් එක ලියපු කෙනාවත් හොඳට මතක් වුනා මගේ නම කියලා හයියෙන් කෑගහුවම. මොනා කරන්නද ඉතින්.
හැබයි ඉතින් කිසි කරදරයක් නැතිව ඡන්දෙ නම් දැම්මා. ඒත් මේ සැරේ පාට කරේ හැමදාමත් පාට කරන ඇඟිල්ල නෙවේයි. ඒකත් වෙන්සක්. අනික මට හරි සතුටක් ආවා මගේ ඇඟිල්ලෙ වැඩිය පාට ගාපු නැති නිසා. කොහොමත් පාට මකාගන්න අවශ්‍ය දෙවල් ගමන් මල්ලේ දාගෙන තමා ආවේ.
කොහොමෙන් හරි හිපෝට පින් අතෙ වැඩකුත් කරගන්න අවස්ථාවක් ලැබුනා. ඒ පඩි පෙලක් බැහගන්න බැරිව හිටි වයසක් ආත්තම්මා කෙනෙක්ට ඇවිදගෙන යන්න උදවු වෙන්න පුළුවන් වුනා. ඉතින් ඒ ඇත්ති මට ප්‍රශංසා කළා වගේම පිං දුන්නා. ඔච්චරයි ඉතින් ඡන්දේ දෙන්න ගිය එකෙන් වැදගත් දෙයකට වුනේ. හිතට සතුටුයි ඒක ගැන.
Sunday, April 4, 2010
අහෝ...
විඩා බර ඇත ගතට වෙර නැත
තවත් දවසක් වෙහෙස වන්නට
දවස් ගණනක් සටන් කර පසු
මහත් සැපයක් දැනෙනු ඇත අද
සතිය ගෙවි ඇත අද මහත් සැප
සති අන්තයයි එලඹ ඇත්තෙ
තවත් සතියකට අවැසි වන ලෙස
දින දෙකක් ඇත නිදාගන්නට
එයත් දැන් ඇත නිමා වීමින්
තවත් සතියක් උදාවේ හෙට
අහෝ මෙහෙමත් අවාසනාවක්
කවුද බොල මෙය කියාදුන්නෙ....
Subscribe to:
Posts (Atom)