Wednesday, April 13, 2011

මේ අවුරුදු කාලේ.. සිනහා වියන් රාලේ....

Posted by Hipo at 4/13/2011 09:15:00 PM



බ්ලොග් එක ලියන්න ඔනිකමක් තිබුනට කිසි දෙයක් ඔලුවට ආවෙ නෑ ගොඩකාලෙකින්. රස්සවෙත් ගොඩාක් වැඩ තිබ්බ නිසා වෙන්නත් ඇති ගෙදර ආවම මහන්සි වැඩි නිසා නින්ද යනවා. හැබයි ඉතින් නිදාගන්න කලින් පොඩ්ඩක් බස් පදින්න නම් අමතක කරන්නේ නෑ. ඉතින් මේ අවුරුද්දේ ඕක තමා අලුත්ම දේ...

කොහොම හරි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මට තියෙන විශෙෂම දෙය තමා කකුල් දෙකෙන් හිටපු මම මේ සැරේ කිරිබත් කන්නේ තනි කකුලෙන්. මොනා කොරන්නද ඉතින්.. නරක කාලෙට ඔහොම තමා. ඒක නිසා ගෙදර වැඩ වලටත් ඉතාම අඩුවෙන් උදවු වුනේ. හැබැයි අදනම් කේක් ගෙඩියක් හැදුවා. මට හරි සතුටුයි ඒකට. රස කෙසේ වෙතත් පෙනුමනම් හොඳයි වගේ. 

වෙන අවුරුදු වල වගේ ශොපිං ගියෙත් නෑ මේ සැරේ. මේ කකුල නිසා එකවත් කොරන්න බැරිවුනා. දුකේ බැරුවා. හැබයි වියදම් පාර්ශවය ටිකක් අඩුවුනා.  

හෙට නැකැතට වැඩ කරන්නත් එපැයි. ලිත කියවන්න ඔනේ රෑ වෙලා. පරන අවුරුද්දට නාල කරලත් ඉවරයි. අයේ ඉතින් 15 වෙනකන් ගඳගහන්න එපැයි. 

කොහොම වුනත් හෙටින් උදාවෙන නව වසරේ මගේ බලපොරොත්තුවනම් මේ අවුරුද්දේ ඉටු කරගන්න බැරි වුනු හැම දෙයක්ම කොහොමහරි ඉශ්ට රගන්නත්, වැරදි පුලුවන් තරම් අඩු කරගෙන සතුටින් ඉන්නත් තමා. ඔන්න හිපො ඔයාලටත් ලංකාවේ හැමොටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. මේක කොහොම හරි 9 කලිං දා ගත්තොත් තවත් පොරොඳුවක් ඉශ්ට වෙනවා.  (පොරොන්දුවක් කියුවට පොරොන්දුවකුත් නොවෙයි ඉතින්.. මොකක්ද මන්දා ඒක.. හික් හික්)

එහෙනම් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සතුටින් පිරුන එකක්ම වෙවා... මම කියුවෙ අවුරුද්ද ගැන... හික් හික්

19 comments:

Unknown on April 13, 2011 at 10:08 PM said...

හිපෝ දැකපු කල්... :) සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා එහෙනම්... මටනම් මේ පාරත් නෝ අවුරුදු. ඒක නෙමෙයි මොකෝ මේ තනි කකුලෙන්? දැන් කොහා නැති එකේ කොකා වන්නමවත් නටනවද? :P

ගීත් (සහෘදයා) on April 13, 2011 at 10:48 PM said...

ආහ්‍ ඇයි අනේ ලිද වටකර හුන් කබරගොයා බලන්න ගිය වෙලේ කකුල කෑවද දියබරියා? අයියෝ හිපොගේ කකුල....කෝම නමුත් ඉක්මනට සුව වෙන්න කියලා ප්රායර්ථනා කරනවා. නිදුක් නීරෝගිමත් සුව සුබ නව වසරක් වේවා.

Hipo on April 13, 2011 at 10:52 PM said...

@නිශාචරයා..
ඔව් ගොඩ කාලෙකින් තමා ඔයලවත් දැක්කේ... කොහොමෙයි... ස්තුතියි. කොහා මෙහාටත් ආවෙ නෑ තමා. ලොල්.. කොකෙක් වගෙ තමා මම්ත් තනි කකුලෙන් ඉන්නෙ...හික් හික්

Hipo on April 13, 2011 at 11:03 PM said...

@ගීත්
හලෝ ගීත් මල්ලි.. ගොඩකාලෙකින්... ස්තුතියි මල්ලියෝ. දියබරියෙක් ද කබරගොයෙක්ද මන්දා අප්පා. දැන්නම් සරිකස් එකකට වුනත් යත හැකි මට.. හික් හික්...

Buddhi on April 13, 2011 at 11:18 PM said...

හි​පෝ නැන්දා,
කාලෙකින් කතා කරන්න ලැබුනේ. අපි වගේ පුංචි අයට බස් පදින්න වෙලාවක් නැති නිසා කකුලට වෙච්ච ඇබැද්දිය ගැන මම දන්නෙත් නෑ. කොහොම හරි අලුත් අවුරුද්ද සුබ වේවා! කකුලත් හොඳ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මීට චුටි මහත්තයා

ItalyDilan on April 14, 2011 at 12:46 AM said...

ඔන්න අපිත් ආවා හොදේ,,,හිපෝටත් සුබ මෙව්වා එකක් වේවා!!!

Hipo on April 14, 2011 at 6:50 AM said...

@බුද්ධි...
චුටි මහත්තයා කොහොමැයි. ස්තුතියි අවුරුද්දට නෑගම් ආවට. ඕං ඉරිබත් කෑල්ලකුත් කෑවානම් මෙහෙන් ඉඳගෙන. පුලුවන් වෙලාවක බස් පදින්නත් එන්න ඔනා ඕං.

@ඩිලන්
එන්න එන්න ඩිලාන්. ඉස්තුටියි මෙව්වා එකට. ඔයත් එන්නකො කන්න. හික් හික්. බස් එකෙදි සෙට් වෙමු.

Pasan on April 14, 2011 at 7:59 AM said...

ඔං මාත් සුභ පැතුවා ඇ.......... ඉක්මනට කකුල සනීප වෙන ප්‍රීතිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ හිපෝ නැන්දාට..

ජයවේවා කිව්වා එහෙනන්............!!!

Hipo on April 14, 2011 at 9:05 AM said...

@පසන්
ස්තුතියි පුතේ.. හික් හික්... එහෙනම් නැකතට එන්නකො කිරිබත් කාල යන්න...

මාරයාගේ හෝරාව on April 14, 2011 at 9:52 AM said...

හපොයි..දැන්නේ දැක්කේ..කොහේද..ඊයේ වැඩි උනානේ...
ඒත් නවයනං පැනලා නේද..?කමක් නැහැ කමක් නැහැ..කොහොම හරි අර පොරොන්දුවද..එහෙමත් නැත්තං අර මොකක්ද එකද මංදා වෙනුවෙන් මේක ලියපු එකම මදෑ..

කොහොම උනත් කමක් නැහැ...
ලබන්නා වූ නව වසර හිපෝටත් සුභම සුභ නව වසරක් වේවා..!
ඉක්මනින්ම කකුල් දෙකෙන්ම ෂොපින් පාරක් දාන්න වාසනාව උදා වේවා..!
-අන්තිමට හරි ඔන්න මාත් එල්ලුනා-

හා පැටික්කි (MS) on April 14, 2011 at 2:15 PM said...

සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!

Hipo on April 14, 2011 at 6:01 PM said...

@මාරයා..
ස්තුතියි මාරයියේ.. ඔං මම ඔයාවත් මත කොරලා කිරිබත් කෑවා.. 9 පොඩ්ඩක් පහුවුනාට මොකෝ වැඩෙ ගොඩනේ... නේද... හික් හික්

@හා පැටික්කි
ඉස්තුතියි නංගෝ.. ඔයාටත් එසෙම වෙවා.. කිරිබත් ඈල්ලක් කෑවනම්..

කතන්දර Kathandara on April 15, 2011 at 7:59 AM said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

නිශ් on April 15, 2011 at 9:24 AM said...

හිපෝට සුබ අලුත් අවුරුද්දක් වේවා ....... කකුල සනීප වේවා.......!

Hipo on April 15, 2011 at 10:29 AM said...

@කතන්දරකාරයා
ලියවන ගෙතෙන කියවන හැම පදයකම
සැගවුනු පැතුම් ඉටුවෙයි ඒලෙසකින්ම
මේ නව වසරේ තබනා හැම පියවරම
මල් පිට මල් පිපිදෙවා ඔබ සැමට...

@නිශ්
ස්තුතියි සහෝ... කකුල දැන් ගොඩාක් සනීපයි... ඔයාටත් තබන හැම පියවරක්ම සාර්තක වෙවා...

Ishan Yapa on April 19, 2011 at 1:39 PM said...

පහුවෙලා හරි මමත් ඔන්න හිපෝට සුබ පතනවා.... " සුබ අලුත් අවුරුද්දක් වේවා " කියලා....

Hipo on April 19, 2011 at 10:49 PM said...

@කුක්කු පැටියා
අනේ කොච්චර එකක් ද...එසේම වෙවා ඕං ඔයාටත්. මම හිතන්නේ මෙහෙට ආපු පලවෙනි වතාව.. පරන වුනු කැවුම් ටිකක් තියෙනවා... කාලම හිටියනම්...

Ishan Yapa on April 20, 2011 at 12:38 AM said...

හහ් මම කයි පරණ කැවුම් !!!! කුක්කු ටිකක් බීලා නිදාගන්නවා සැපයි ඊට වඩා !

Hipo on April 21, 2011 at 11:50 PM said...

@කුක්කු පැටියා
හික් හික්...

Post a Comment

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare