හිපො කියුවම අමුතුවෙන් කියන්න ඕනී නෑ නෙව. වර්ගයේ හැමොම වගේ මාත් අම්බානක් කම්මැලි. නිදියන්නමයි හිත යන්නේ. ඒකට තවත් හෙතුව තියෙනවා. මගේ නිර්මානාත්මක හැකියාව මල් පල ගැන්වෙන්නේ නිදාගෙන ඉන්න වෙලාවටම විතරයි. අනිත් එක ලස්සනට ඉන්න, මගේ බියුටි නැප් එක ගන්නත් එපැයි. ඉතින් හිතාගන්න පුලුවන්නේ ඇයි නිදාගන්න කැමැති කියලා. ඔන්න ඉතින් මේකත් ඔය නිර්මාණාත්මක හැකියාව ඉස්මතු වු අවස්ථාවක්. ටිකක් මෑතකදි වුනු සිදුවීමක්.
ඔපිසියේ බොසා කියුවම පොඩි කාලෙ ඉඳන් මගේ හිතෙ හිටියෙ ඉතා භායානක රූපය තියෙන රුළු ( කලු ) තඩි උස මහත කැත ඩයල් එකක් තමා. ඉතින් මගේ ඒ රූපයට හරියක් දමමින් මටත් ඒකටම ගැලපෙන නල්ල මලේ බොසෙක් මට සෙට් වුනා
ඉතින් ඔන්න මම තද නින්දෙ ඉන්න වෙලාවක දැක්කා, අමුතු ආකාරයේ පොඩි පැලයක් අපේ වත්තේ තාප්පේ කොනේ පැලවෙන්වා. මුලින්ම පොඩ්ඩක් කොල පාටට හුරු පොඩි ගැටයක් වගේ පෙනුන කවුරුත් නොහඳුනන මේ ශාක විශෙෂය හඳුනා ගැනිමට මටනම් ගියේ අල්පමාත්‍ර කාලයක් පමණයි. (මොකද ඉතින් මම දවස ගානේ දකින දෙයක් නොවැ) ඔන්න ඉතින් මම අඳුරගත්තා. අනේ අපේ වත්තේ පැලවෙලා තියෙන්නේ අපේ බොසාගේ නහය නොවැ. හපොයි. මම භය වුනු භයවිල්ලක්. ඇයි හත්වලාමේ උදේ ඉඳන් දවල් වෙනකන් බලන් ඉඳලා, රෑටත් බලගේන් හිටපියකො මේ නහය දිහා). කොහොමේන් කොහොම හරි බලන් ඉඳද්දි තඩි වෙන මේ "නහය" නැමැති ගසට, මමත් තාත්තාත් එකතුවෙලා තඩි පොරොවකින් කොටන්න ගත්තා . ම්හ්ම්.. ඒක නෙවෙයි හෙල වෙන්නේවත්. මේක අර ජැකාගේ බෝංචි පැලේ වගේ තාප්පෙත් කඩාගෙන අහස තරම් උසට ලොකු වුනා. මට ලාවට කලන්තේ ගතියකුත් ආවා. එතකොටම මට උඩ ගිහින් ඇහරුනා. දාඩිය දාල මම භයවුනු පාර කොට්ටෙත් තෙත් වෙන්න. හික් හික්..
ඔන්න ඕකයි කතාව. දැන් නම් මට බොසා දැක්කම තනියම හිනා. අපේ ඔපිස් එකේ කට්ටියත් අම්බානක් හිනාවුනා. මට පිත්තු කියලත් කියුවා. (මම විතරයි නේ දන්නේ භය වුනු තරම).
ඕක අහලා අපෙ අම්මා නම් කියුවා මට තියෙන්නේ හරිම විකාර මනසක් ලු. පුදුම පිස්සෙක් කියුවා. හික් හික්. ඔයාලත් මේ වගේ හීන දකිනවයෑ?