Thursday, May 19, 2011

රැදෙයි මතකය සැමදා

Posted by Hipo at 5/19/2011 10:58:00 PM 3 comments

නොදැක්කත් කිසිදා
මිතුරෙකිය ඔබ සැමදා
මේ දිවිගමන යනතුරා
රැදෙයි මතකය සැමදා

කඳුලක්ම නෙත තබා
ඔබේ නෙතු පියවසා
ගියත් ඔබ අප හැරදා
රැදෙයි මතකය සැමදා

ඔබ නැතිවුනත් අපහා
අදින්පසු කිසිදා
සිතෙ කොන සැමදා
ඔබටවෙන් වේ ඉලන්දාරියා....

අපෙන් සමුගෙන ගියත් ඔබේ මතකය කිසිදිනක නොමැකෙයි සහෝ... සසරේ කිසි විටකත් මෙවන් අකල් මරනය නොවෙවා... ඔබට නිවන් සුව...!!!

Monday, May 16, 2011

වෙසඟේ අසිරිය....

Posted by Hipo at 5/16/2011 08:16:00 PM 8 comments





වෙසක් සඳේ නැවුම් සිසිල දසත හමන්නේ
බුදු හිමි මගේ දෙසු දම් පද පිලිරැව්දෙන්නේ
සම්බුදු තෙමගුලේ අසිරිය විහිදි     යන්නේ
දොහොත්මුදුන් දී නමදිමි තිසරණ සරණේ

~ හිපෝ ~

Friday, April 29, 2011

මා දුටු විකාර රුප...

Posted by Hipo at 4/29/2011 09:00:00 AM 9 comments

හිපො කියුවම අමුතුවෙන් කියන්න ඕනී නෑ නෙව. වර්ගයේ හැමොම වගේ මාත් අම්බානක් කම්මැලි. නිදියන්නමයි හිත යන්නේ. ඒකට තවත් හෙතුව තියෙනවා. මගේ නිර්මානාත්මක හැකියාව මල් පල ගැන්වෙන්නේ නිදාගෙන ඉන්න වෙලාවටම විතරයි. අනිත් එක ලස්සනට ඉන්න, මගේ බියුටි නැප් එක ගන්නත් එපැයි. ඉතින් හිතාගන්න පුලුවන්නේ ඇයි නිදාගන්න කැමැති කියලා. ඔන්න ඉතින් මේකත් ඔය නිර්මාණාත්මක හැකියාව ඉස්මතු වු අවස්ථාවක්. ටිකක් මෑතකදි වුනු සිදුවීමක්.

ඔපිසියේ බොසා කියුවම පොඩි කාලෙ ඉඳන් මගේ හිතෙ හිටියෙ ඉතා භායානක රූපය තියෙන රුළු ( කලු ) තඩි උස මහත කැත ඩයල් එකක් තමා. ඉතින් මගේ ඒ රූපයට හරියක් දමමින් මටත් ඒකටම ගැලපෙන නල්ල මලේ බොසෙක් මට සෙට් වුනා ආඩම්බරේ බැරුවා. ඉස්සල්ලාම කියන්න ඕනා අපේ බොසායි මායි නම් හැමදාම නොරොක්කු පිට තමා ඉන්නේ. ඉතින් මම හිනෙනුත් මෙයාට භය වෙනවා... මේකත් ඒ වගෙ සිදුවිමක්. අජ් තව එකක්...අපේ (අපේ කියුවේ මගේ) බොසාගේ කැපී'ම පෙනෙන අංගය ඇහුවොත් ඕනම (ගැහැණු) ලමයෙක් කියයි දිලිසෙන තඩි නහය කියලා.

ඉතින් ඔන්න මම තද නින්දෙ ඉන්න වෙලාවක දැක්කා, අමුතු ආකාරයේ පොඩි පැලයක් අපේ වත්තේ තාප්පේ කොනේ පැලවෙන්වා. මුලින්ම පොඩ්ඩක් කොල පාටට හුරු පොඩි ගැටයක් වගේ පෙනුන කවුරුත් නොහඳුනන මේ ශාක විශෙෂය හඳුනා ගැනිමට මටනම් ගියේ අල්පමාත්‍ර කාලයක් පමණයි. (මොකද ඉතින් මම දවස ගානේ දකින දෙයක් නොවැ) ඔන්න ඉතින් මම අඳුරගත්තා. අනේ අපේ වත්තේ පැලවෙලා තියෙන්නේ අපේ බොසාගේ නහය නොවැ. හපොයි. මම භය වුනු භයවිල්ලක්. ඇයි හත්වලාමේ උදේ ඉඳන් දවල් වෙනකන් බලන් ඉඳලා, රෑටත් බලගේන් හිටපියකො මේ නහය දිහා). කොහොමේන් කොහොම හරි බලන් ඉඳද්දි තඩි වෙන මේ "නහය" නැමැති ගසට, මමත් තාත්තාත් එකතුවෙලා තඩි පොරොවකින් කොටන්න ගත්තා  . ම්හ්ම්.. ඒක නෙවෙයි හෙල වෙන්නේවත්. මේක අර ජැකාගේ බෝංචි පැලේ වගේ තාප්පෙත් කඩාගෙන අහස තරම් උසට ලොකු වුනා. මට ලාවට කලන්තේ ගතියකුත් ආවා. එතකොටම මට උඩ ගිහින් ඇහරුනා. දාඩිය දාල මම භයවුනු පාර කොට්ටෙත් තෙත් වෙන්න. හික් හික්..
ඔන්න ඕකයි කතාව. දැන් නම් මට බොසා දැක්කම තනියම හිනා. අපේ ඔපිස් එකේ කට්ටියත් අම්බානක් හිනාවුනා. මට පිත්තු කියලත් කියුවා. (මම විතරයි නේ දන්නේ භය වුනු තරම).

ඕක අහලා අපෙ අම්මා නම් කියුවා මට තියෙන්නේ හරිම විකාර මනසක් ලු. පුදුම පිස්සෙක් කියුවා. හික් හික්. ඔයාලත් මේ වගේ හීන දකිනවයෑ?

Wednesday, April 13, 2011

මේ අවුරුදු කාලේ.. සිනහා වියන් රාලේ....

Posted by Hipo at 4/13/2011 09:15:00 PM 19 comments



බ්ලොග් එක ලියන්න ඔනිකමක් තිබුනට කිසි දෙයක් ඔලුවට ආවෙ නෑ ගොඩකාලෙකින්. රස්සවෙත් ගොඩාක් වැඩ තිබ්බ නිසා වෙන්නත් ඇති ගෙදර ආවම මහන්සි වැඩි නිසා නින්ද යනවා. හැබයි ඉතින් නිදාගන්න කලින් පොඩ්ඩක් බස් පදින්න නම් අමතක කරන්නේ නෑ. ඉතින් මේ අවුරුද්දේ ඕක තමා අලුත්ම දේ...

කොහොම හරි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මට තියෙන විශෙෂම දෙය තමා කකුල් දෙකෙන් හිටපු මම මේ සැරේ කිරිබත් කන්නේ තනි කකුලෙන්. මොනා කොරන්නද ඉතින්.. නරක කාලෙට ඔහොම තමා. ඒක නිසා ගෙදර වැඩ වලටත් ඉතාම අඩුවෙන් උදවු වුනේ. හැබැයි අදනම් කේක් ගෙඩියක් හැදුවා. මට හරි සතුටුයි ඒකට. රස කෙසේ වෙතත් පෙනුමනම් හොඳයි වගේ. 

වෙන අවුරුදු වල වගේ ශොපිං ගියෙත් නෑ මේ සැරේ. මේ කකුල නිසා එකවත් කොරන්න බැරිවුනා. දුකේ බැරුවා. හැබයි වියදම් පාර්ශවය ටිකක් අඩුවුනා.  

හෙට නැකැතට වැඩ කරන්නත් එපැයි. ලිත කියවන්න ඔනේ රෑ වෙලා. පරන අවුරුද්දට නාල කරලත් ඉවරයි. අයේ ඉතින් 15 වෙනකන් ගඳගහන්න එපැයි. 

කොහොම වුනත් හෙටින් උදාවෙන නව වසරේ මගේ බලපොරොත්තුවනම් මේ අවුරුද්දේ ඉටු කරගන්න බැරි වුනු හැම දෙයක්ම කොහොමහරි ඉශ්ට කරගන්නත්, වැරදි පුලුවන් තරම් අඩු කරගෙන සතුටින් ඉන්නත් තමා. ඔන්න හිපො ඔයාලටත් ලංකාවේ හැමොටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. මේක කොහොම හරි 9ට කලිං දා ගත්තොත් තවත් පොරොඳුවක් ඉශ්ට වෙනවා.  (පොරොන්දුවක් කියුවට පොරොන්දුවකුත් නොවෙයි ඉතින්.. මොකක්ද මන්දා ඒක.. හික් හික්)

එහෙනම් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සතුටින් පිරුන එකක්ම වෙවා... මම කියුවෙ අවුරුද්ද ගැන... හික් හික්

Tuesday, March 29, 2011

තවත් හුදකලා කවි සිතුවිලික්....

Posted by Hipo at 3/29/2011 09:05:00 AM 2 comments

එලියකි දොරකොඩේ... තිරකඩින් වැසෙන්නේ...
කඳුලකි නෙත අඟේ.... ගිලිහෙමින් වැටෙන්නේ...
සතුටකි සිත කොනේ.. නමුත්... දුකකින් පෙලෙන්නේ...
තනි තරුව ආකාසේ ... තනිකමින් දිලෙන්නේ...

Sunday, February 27, 2011

හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා....

Posted by Hipo at 2/27/2011 02:30:00 PM 20 comments

අනේ දෙවියනේ මට වුණු වියොවා
හෙනගෙඩියක් හිස මත්තට වැටෙයා
දඩිං බිඩිං ඩොං ගාගෙන වැටූනේයා
හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා

මදැයි කොලා වැඩක්... බැරි වැඩ නොකරන් අබරෝ කියුවලු (හරිද මන්දා කියුවා...) ඇඟ බහින්නත් එක්ක එක්සොස්යිස් කොරන්න ඕන් මාත් ගියා බැඩ්මින්ටොන් ගහන්න... කෙලින් ගිය මම නැවතුනේ හොම්බේන් නේ... හපොයි... ඇඟේ සියිස් එක අඩුවීම කොහොම වෙතත්... කකුලේ සයිස් එක දැන් ඩබොල් වෙන්න ඉදිමිලා... හයියො... දැන් නොන්ඩි සිමා හිපෝ වෙලා... පව්.. :(

Wednesday, February 23, 2011

මා කවුදැයි කියනු..?

Posted by Hipo at 2/23/2011 11:11:00 AM 5 comments
 මේක මේ හදිස්සියේ අපෙ කෙනෙක් ලියාපු පුවතක් කියවනකොට ආපු සිතුවිල්ලක්...

 කොහෙ ගියත් කොතැන ගියත් අඩුවක් නම් මගේ නැතේ
කඩේ ගියත් පංති ගියත් කාටත් වුවමණා වෙතේ
ඊයේ වගේ අදත් හෙටත් මම නම් ජිවත්ම වෙතේ
පරිසරයට අගුණ වුනත් මගෙන් උදවු බොහො ඇතේ...

ගමේ ගොඩෙ සිදාදියේ එහෙත් මෙහෙත් මා ගැවසේ
ගෙදර දොරෙත් වතුපිටියෙත් කුණු කූඩෙත් මා දිලිසේ
ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් ලෙසින් මා සැලකේ
කිසිම දෙයක් නොමැති කලේ ලැජ්ජාවත් මගෙන් වැසේ....
 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare