Wednesday, June 15, 2011
If I die today
If sun rise tomorrow without me
and I am no longer there
please know that I'm safe and free
in the hands of god
Don't cry for me, don't gloom for me
don't ever be sad for me
Smile if you can, be happy for me
God has sent me free
if you ever feel lonely
and sorrow fill your heart
think of me and I'll be there
I'm always in your heart
Categories
Life
Thursday, May 19, 2011
රැදෙයි මතකය සැමදා
නොදැක්කත් කිසිදා
මිතුරෙකිය ඔබ සැමදා
මේ දිවිගමන යනතුරා
රැදෙයි මතකය සැමදා
කඳුලක්ම නෙත තබා
ඔබේ නෙතු පියවසා
ගියත් ඔබ අප හැරදා
රැදෙයි මතකය සැමදා
ඔබ නැතිවුනත් අපහා
අදින්පසු කිසිදා
සිතෙ කොන සැමදා
ඔබටවෙන් වේ ඉලන්දාරියා....
අපෙන් සමුගෙන ගියත් ඔබේ මතකය කිසිදිනක නොමැකෙයි සහෝ... සසරේ කිසි විටකත් මෙවන් අකල් මරනය නොවෙවා... ඔබට නිවන් සුව...!!!
Categories
sinhala
Monday, May 16, 2011
වෙසඟේ අසිරිය....
වෙසක් සඳේ නැවුම් සිසිල දසත හමන්නේ
බුදු හිමි මගේ දෙසු දම් පද පිලිරැව්දෙන්නේ
සම්බුදු තෙමගුලේ අසිරිය විහිදි යන්නේ
දොහොත්මුදුන් දී නමදිමි තිසරණ සරණේ
~ හිපෝ ~
Categories
sinhala
Friday, April 29, 2011
මා දුටු විකාර රුප...
හිපො කියුවම අමුතුවෙන් කියන්න ඕනී නෑ නෙව. වර්ගයේ හැමොම වගේ මාත් අම්බානක් කම්මැලි. නිදියන්නමයි හිත යන්නේ. ඒකට තවත් හෙතුව තියෙනවා. මගේ නිර්මානාත්මක හැකියාව මල් පල ගැන්වෙන්නේ නිදාගෙන ඉන්න වෙලාවටම විතරයි. අනිත් එක ලස්සනට ඉන්න, මගේ බියුටි නැප් එක ගන්නත් එපැයි. ඉතින් හිතාගන්න පුලුවන්නේ ඇයි නිදාගන්න කැමැති කියලා. ඔන්න ඉතින් මේකත් ඔය නිර්මාණාත්මක හැකියාව ඉස්මතු වු අවස්ථාවක්. ටිකක් මෑතකදි වුනු සිදුවීමක්.
ඔපිසියේ බොසා කියුවම පොඩි කාලෙ ඉඳන් මගේ හිතෙ හිටියෙ ඉතා භායානක රූපය තියෙන රුළු ( කලු ) තඩි උස මහත කැත ඩයල් එකක් තමා. ඉතින් මගේ ඒ රූපයට හරියක් දමමින් මටත් ඒකටම ගැලපෙන නල්ල මලේ බොසෙක් මට සෙට් වුනා
ඉතින් ඔන්න මම තද නින්දෙ ඉන්න වෙලාවක දැක්කා, අමුතු ආකාරයේ පොඩි පැලයක් අපේ වත්තේ තාප්පේ කොනේ පැලවෙන්වා. මුලින්ම පොඩ්ඩක් කොල පාටට හුරු පොඩි ගැටයක් වගේ පෙනුන කවුරුත් නොහඳුනන මේ ශාක විශෙෂය හඳුනා ගැනිමට මටනම් ගියේ අල්පමාත්‍ර කාලයක් පමණයි. (මොකද ඉතින් මම දවස ගානේ දකින දෙයක් නොවැ) ඔන්න ඉතින් මම අඳුරගත්තා. අනේ අපේ වත්තේ පැලවෙලා තියෙන්නේ අපේ බොසාගේ නහය නොවැ. හපොයි. මම භය වුනු භයවිල්ලක්. ඇයි හත්වලාමේ උදේ ඉඳන් දවල් වෙනකන් බලන් ඉඳලා, රෑටත් බලගේන් හිටපියකො මේ නහය දිහා). කොහොමේන් කොහොම හරි බලන් ඉඳද්දි තඩි වෙන මේ "නහය" නැමැති ගසට, මමත් තාත්තාත් එකතුවෙලා තඩි පොරොවකින් කොටන්න ගත්තා . ම්හ්ම්.. ඒක නෙවෙයි හෙල වෙන්නේවත්. මේක අර ජැකාගේ බෝංචි පැලේ වගේ තාප්පෙත් කඩාගෙන අහස තරම් උසට ලොකු වුනා. මට ලාවට කලන්තේ ගතියකුත් ආවා. එතකොටම මට උඩ ගිහින් ඇහරුනා. දාඩිය දාල මම භයවුනු පාර කොට්ටෙත් තෙත් වෙන්න. හික් හික්..
ඔන්න ඕකයි කතාව. දැන් නම් මට බොසා දැක්කම තනියම හිනා. අපේ ඔපිස් එකේ කට්ටියත් අම්බානක් හිනාවුනා. මට පිත්තු කියලත් කියුවා. (මම විතරයි නේ දන්නේ භය වුනු තරම).
ඕක අහලා අපෙ අම්මා නම් කියුවා මට තියෙන්නේ හරිම විකාර මනසක් ලු. පුදුම පිස්සෙක් කියුවා. හික් හික්. ඔයාලත් මේ වගේ හීන දකිනවයෑ?
Categories
sinhala
Wednesday, April 13, 2011
මේ අවුරුදු කාලේ.. සිනහා වියන් රාලේ....
බ්ලොග් එක ලියන්න ඔනිකමක් තිබුනට කිසි දෙයක් ඔලුවට ආවෙ නෑ ගොඩකාලෙකින්. රස්සවෙත් ගොඩාක් වැඩ තිබ්බ නිසා වෙන්නත් ඇති ගෙදර ආවම මහන්සි වැඩි නිසා නින්ද යනවා. හැබයි ඉතින් නිදාගන්න කලින් පොඩ්ඩක් බස් පදින්න නම් අමතක කරන්නේ නෑ. ඉතින් මේ අවුරුද්දේ ඕක තමා අලුත්ම දේ...
කොහොම හරි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ මට තියෙන විශෙෂම දෙය තමා කකුල් දෙකෙන් හිටපු මම මේ සැරේ කිරිබත් කන්නේ තනි කකුලෙන්. මොනා කොරන්නද ඉතින්.. නරක කාලෙට ඔහොම තමා. ඒක නිසා ගෙදර වැඩ වලටත් ඉතාම අඩුවෙන් උදවු වුනේ. හැබැයි අදනම් කේක් ගෙඩියක් හැදුවා. මට හරි සතුටුයි ඒකට. රස කෙසේ වෙතත් පෙනුමනම් හොඳයි වගේ.
වෙන අවුරුදු වල වගේ ශොපිං ගියෙත් නෑ මේ සැරේ. මේ කකුල නිසා එකවත් කොරන්න බැරිවුනා. දුකේ බැරුවා. හැබයි වියදම් පාර්ශවය ටිකක් අඩුවුනා.
හෙට නැකැතට වැඩ කරන්නත් එපැයි. ලිත කියවන්න ඔනේ රෑ වෙලා. පරන අවුරුද්දට නාල කරලත් ඉවරයි. අයේ ඉතින් 15 වෙනකන් ගඳගහන්න එපැයි.
කොහොම වුනත් හෙටින් උදාවෙන නව වසරේ මගේ බලපොරොත්තුවනම් මේ අවුරුද්දේ ඉටු කරගන්න බැරි වුනු හැම දෙයක්ම කොහොමහරි ඉශ්ට කරගන්නත්, වැරදි පුලුවන් තරම් අඩු කරගෙන සතුටින් ඉන්නත් තමා. ඔන්න හිපො ඔයාලටත් ලංකාවේ හැමොටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. මේක කොහොම හරි 9ට කලිං දා ගත්තොත් තවත් පොරොඳුවක් ඉශ්ට වෙනවා. (පොරොන්දුවක් කියුවට පොරොන්දුවකුත් නොවෙයි ඉතින්.. මොකක්ද මන්දා ඒක.. හික් හික්)
එහෙනම් කිරියෙන් පැනියෙන් ඉතිරෙන සතුටින් පිරුන එකක්ම වෙවා... මම කියුවෙ අවුරුද්ද ගැන... හික් හික්
Categories
sinhala
Tuesday, March 29, 2011
තවත් හුදකලා කවි සිතුවිලික්....
එලියකි දොරකොඩේ... තිරකඩින් වැසෙන්නේ...
කඳුලකි නෙත අඟේ.... ගිලිහෙමින් වැටෙන්නේ...
සතුටකි සිත කොනේ.. නමුත්... දුකකින් පෙලෙන්නේ...
තනි තරුව ආකාසේ ... තනිකමින් දිලෙන්නේ...
Sunday, February 27, 2011
හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා....
අනේ දෙවියනේ මට වුණු වියොවා
හෙනගෙඩියක් හිස මත්තට වැටෙයා
දඩිං බිඩිං ඩොං ගාගෙන වැටූනේයා
හිපො අක්කා තනි කකුලෙන් සිටින්නා
මදැයි කොලා වැඩක්... බැරි වැඩ නොකරන් අබරෝ කියුවලු (හරිද මන්දා කියුවා...) ඇඟ බහින්නත් එක්ක එක්සොස්යිස් කොරන්න ඕන් මාත් ගියා බැඩ්මින්ටොන් ගහන්න... කෙලින් ගිය මම නැවතුනේ හොම්බේන් නේ... හපොයි... ඇඟේ සියිස් එක අඩුවීම කොහොම වෙතත්... කකුලේ සයිස් එක දැන් ඩබොල් වෙන්න ඉදිමිලා... හයියො... දැන් නොන්ඩි සිමා හිපෝ වෙලා... පව්.. :(
Categories
sinhala
Subscribe to:
Comments (Atom)






