පාන්දරින් නැගිටිනවා
තකහනියේ සැරසෙනවා
ලහි ලහියේ පිටවෙනවා
ඔපිසියට අපි එනවා...
කොම්පියුටරෙ On වෙනවා
උදේ කෑම අපි කනවා
තේ වෙලාව දැන් එනවා
තේ බීලා අපි එනවා
කරපු දෙයක්මත් නැත්තේ
නොකරපු දෙයකුත් නැත්තේ
දවල් කෑම දැන් එන්නේ
එය වලඳා අපි එන්නේ
හවස් වෙලත් දැන් ඇත්තේ
තේ වෙලාව ඇවිත් අනේ
අනෙ මන්දා කුමක් වෙන්නේ
වෙලාව ගත වී යන්නේ
ගෙදර යන්න වෙලා ඇත්තේ
කිසි ප්‍රගතියකුත් නැත්තේ
අපි හැම යන්තර වී ඇත්තේ
මෙයයි අපේ ජීවිතේ
(ආයෙ හෙටත් මේකම repeat වෙනව නේ....)






