Saturday, May 22, 2010

වෙසඟේ සිරි...

Posted by Hipo at 5/22/2010 02:20:00 PM 7 comments




සියලු සතට සිරි සෙත් මල් පූදී වා
සම්බුදු තෙමගුලේ බැති සිත් ඉපදේවා
බුදු සිරිතෙන් ලක්දිව මෙත් පැතිරෙවා
මේ වෙසඟේ ඔබ සැම සුවපත් වෙවා....

පිදිමුට දහස් ගනනින් මල් පිපිදේවා
මේ මුලු ලොවට එහි සුවඳම පැතිරෙවා
පහනින් පහන් දස දහසක් දැල්වෙවා
මුලු ලොව මගේ බුදු බණයෙන් නැහැවෙවා....
Posted by Hipo at 5/22/2010 01:30:00 PM 1 comments
18/05

Wednesday, May 19, 2010

අසවු අසවු.... බිඟු රජුගෙන් පණිවුඩයක්... අසවු අසවු....

Posted by Hipo at 5/19/2010 11:26:00 AM 20 comments
මට සුභ ආරංචියක් තියෙනවා කියන්න... අපි දැන් ටික කාලෙකෙ ඉඳන් බින්ගු රාජධානියේ බිඟු රජු සහ බිසව ගැන කියුවුවානේ. ඉතින් සුභ ආරංචිය තමයි ඔන්න බිඟු රැජිණගේ පැටියා මෙලොව එලිය දැකලා. අදට හරියටම දවස් දෙකයි. ගොඩ දෙනෙක් මඟ බලන් හිටි නිසා ඔන්න මම කියුවා. රැජිණයි පැටියයි දෙදෙනාම ඉතා සුවෙන් සතුටින් ඉන්නවලු...

මගේ සුභ පැතුන් බිඟු...

Wednesday, May 5, 2010

කම්මැලිකම ...

Posted by Hipo at 5/05/2010 12:15:00 PM 34 comments



කිමෙක්ද මේ නොහැකියාව...
පියවෙනවා ඇස් නිතරම
ආවට මොකො ඔපිසියට
ඇඳ ගැනමයි සිතෙන්නෙ මට

ඉවසන්නට බැරි තරමට
කම්මැලිකම දියුණුවී ඇත
දරුනු ලෙස රිදෙයි කට
ඈනුමේ තරමටම

Wednesday, April 28, 2010

මගේ බුදුන්...

Posted by Hipo at 4/28/2010 12:56:00 PM 4 comments

දසමස පුරා මා ඔබ කුස තුල වඩලා
අපමණ දුක් ගැහැට විඳ මා බිහි කරලා
ලේ කිරි කර පොවා මා ඇති දැඩි කරලා
අම්මේ ඔබ මගේ මුලු ලොව වේය සඳා


කිසි දින තමුන් සැප ගැන කිසි නොකර තැක
දිව රෑ නොබලා නෙක අපමණ වෙහෙස කර
සත්සමුදුර තරණය කර කරන වෙර
පියතුම ඔබයි මගේ මේ ලොව එලිය කල


කවියෙන් කියා නිම කර බැරි ඔබේ අගය
දෙවියන් ඹබුන් පරදයි මගේ ලොවෙ ඔබ
දෙ අත් හිස තබා නමදිමි දිවා රැය
සැමදා බුදුවෙන්න යැයි මම පතමි ඔබ

Monday, April 26, 2010

හුදකලා කවි සිතුවිලි...

Posted by Hipo at 4/26/2010 03:24:00 AM 17 comments


මේ නිසසල රෑ යාමයේ
මා තනි විය ගනදුරු පාලුවේ
මා තනියට ඔබ නැත ඒ ඉසවුවේ
මතකය පමණි මා හැරදා නොම ගියේ


නොසිතු වදන් අප මුවඟින් පිටවුයේ
නොසිතු ලෙස දෛවය සරදම් කරේ
සියලු පැතුම් බොඳවී ගිය රාත්‍රියේ
පුරසඳ පවා සැඟවී ඇත මගේ ලොවේ


මතකයි තාම ඔබ හමුවු පළමු දින
දනුනේ ගොඩකලක් ඔබ හඳුනන ලෙසින
සිතුනෙ සසර ගනක් අප එකෙකු ලෙස
බැඳුනේ ඇයි පෙමින් වෙන් වී යන විලස


බොඳවු සිහින ඇත හද තුල කොන්වීලා
මගෙ ලොව අඳුරු විය හැම පහනක් නිවිලා
එනමුදු පතමි ඔබ පැතුදේ ඉටුවීලා
හැම පියවරක් දෙවියන් ඔබ රැක දේවා


දහස් වරක් අයදිමි මම ඔබෙන් සමා
වුව හැම වරදකට අනෙ මට වෙන්න සමා
මා ලොව ඔබ දෙවියක්ය නැත ඔබෙ කිසිත් පමා
මගේ ආයුෂත් ගෙන දිගුකල් වැජඹෙවා

Sunday, April 18, 2010

ගෙම්බා වැටුණ හැටි...

Posted by Hipo at 4/18/2010 12:18:00 PM 46 comments





මේක මම අහපු අපුරු කථාවක්. ඉතින් හිතුනා මේක ඔයාලගෙනුත් අහල බලන්න ඕනා කියලා. බලමු ඔයාලා මේක දන්නවාද කියලා.

දැන් ටික කාලෙක ඉඳන් අපෙ ගෙදරට අපූරු අමුත්තෙක් එනවා. අමුත්තෙක් කියුවට එක්කෙනෙක්මත් නෙවේයි. එකෙනාගෙන් 
පටන් අරගත්තත් දැන් එයා තවත් මිතුරො දෙන්නෙකුත් එක්කන් තමා එන්නේ. හිතන්න පුලුවන්ද මේ අපූරු අමුත්තා කවුද කියලා?

එහෙනම් ඕං කට්ටියම අහගන්නකෝ...

අපේ ගෙදර ඉන්නවා බලු රාල කෙනෙකුයි, පුස් අම්මෙකුයි, පුස් පැටියෙකුයි. ඔය අතරේ ටික දවසක් ඉඳන් තවත් කෙනෙක් රෑ තිස්සේ ඕං ගේ හරහා පැන පැන යනවා දකින්න ලැබුනා. විපරම් කොරොලා බලද්දි මේන් බොලේ ගෙම්බි හාමි කෙනෙක් ඉන්නවා. එක්කෙනක් නම් මදැයි, මදි නොකියන්න දැන් තුන්දෙනෙක්ම ඉන්නවා. ටිකදවසක් සොදිසි කරනකොට අපි දැක්කා මෙයාලා අර පුස් අම්මගෙයි, පැටියගෙයි බත් පිගානට තමා රිංගන්නෙ. ඉතින් ඔන්න හිපෝ මැණියන්ට අම්බානක් තදවෙලා මූට වැඩක් දෙන්න හිතුවා. හිතලා හැංගිලා ඉඳල පොල් කට්ටකින් මුන්ව වහලා වත්ත පල්ලෙහාට විසිකොරා. ඊට පස්සෙ හොඳ හිනාවකුත් දාගෙන ජයග්‍රාහි ලිලාවෙන් උන්නා.

ඒත් වැඩි දවසක් ගියේ නෑ ඕන් පහුවෙනිදාම මෙයා අයෙත් අපිට පස්ස වන වනා ගේ හරහා යනවා. ඔය විදියට කිහිප දිනක්ම සිද්ද වුනා. ඕං ඉතින් හිපෝ මෑණියන්ට තද වුනා. මේදා සැරේ දෙනවා බැටෙ කියලා අයෙත් මූව අල්ලලා තාප්පෙන් එහාපැත්තේ අල්ලපු වත්තට දැම්මා. හික් හික්...

කොහොම නමුත් මේ යකානම් එලවන්න බෑ. ඉතින් දැන් අපේ ගෙදර මේ හැමදෙනාම සාමදානයෙන් වෙසෙනවා.
ඉතින් ඔය කථාව හිපෝ මහප්පට කියුවම එයා මෙන්න මෙහෙම කථාවක් කියුවා. බලන්න ඔයාලා අහලා තියෙනවද කියලා.

"ගෙම්බා ගෙදරින් එලියට විසිකරාම ඌ බිමට වැටෙන්නේ ගේ පැත්තට හැරිලාලු. ඉතින් ඌ අයෙත් ගෙදරටම එනවලු."

ඒක නම් මරුම කථාව. හිඃ  හිඃ.... ඔයාලත් අහලා තියෙනවද?

 

VOicE of a HiPo... Copyright © 2010 Designed by Ipietoon Blogger Template Sponsored by Online Shop Vector by Artshare